gongala-radar-issue

රුපියල් කෝටි හතළිහකට අධික මුදලක් වැයකර අත්හැර දමා ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොන්ගල රේඩාර් ව්‍යාපෘතියෙන් රජයට සිදු වූ අලාභය ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගත යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.


මෙම පද්ධතිය සඳහා වැයකර තිබෙන මුදල රුපියල් හතළිස් කෝටි විසිඅට ලක්ෂයක් වන අතර එම මුදල වැයකර ඇත්තේ මීට වසර දොළහකට පෙරය. එම ව්‍යාපෘතියට ගෙනෙන ලද රුපියල් අනූ එක් ලක්ෂයක් වටිනා උපකරණ අස්ථානගත වී තිබෙන බවත් එම වටිනාකම රුපියල් හතළිස් නව ලක්ෂයක් ලෙස පෙන්වා තිබූ බවත් පෙන්වා දෙන විගණකාධිපතිවරයා එම උපකරණ අස්ථාන ගත වීමට වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන නොමැති බවත් සඳහන් කරයි.

එතරම් මුදලක් වැයකර ඉදි කළ විශාල කුලුනක් සහිත එම ව්‍යාපෘතිය යුද හමුදා නිලධාරීන්ගේ තාවකාලික ප්‍රයෝජනය සඳහා මේ වන විට පවරනු ලැබ ඇත.



උපකරණ අස්ථානගත වීමට මෙන් ම මෙම අසාර්ථක ව්‍යාපෘතියට වගකිව යුතු නිලධාරීන් අනිවාර්යයෙන්ම හඳුනාගත යුතු බවටත් එමගින් රජයට සිදු වූ අලාභය ඔවුන්ගෙන් අයකර ගත යුතු බවටත් විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.

(නිලන්ත මදුරාවල-Aruna)