government-buildings

රාජ්‍ය ආයතන හැත්තෑ තුනක් භාවිත කරන ගොඩනැගිලි, සියයටඅනුහනක්ම නිසි සැලසුමකට අනුව සකසා නැති අතර ඒවාට භාවිතයට සුදුසු බවට නිකුත් කරනු ලබන අනුකුලතා සහතික නොමැති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවට අනුව මෙම රාජ්‍ය ආයතන හැත්තෑ තුනෙහි  හිමිකාරිත්වය යටතේ පවත්නා ගොඩනැගිලි 258කින් 248කට ද ඔවුන් කුලී පදනම යටත්තේ ලබාගෙන තිබෙන ගොඩනැගිලි 513කට ද අනුකූලතා සහතික ලැබී නැත.

අනුකූලතා සහතික නිකුත් කිරීමට සුදුසු නොවූ එහෙත් අදාළ ආයතන විසින් ප්‍රයෝජනයට ගන්නා අනෙකුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද එම වාර්තාවේ සදහන් වේ. රාජ්‍ය ආයතනවල හිමිකාරීත්වය යටතේ පවත්නා හා කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලිවලට අනුකූලතා සහතික ලබා ගැනීම සම්බන්ධයෙන් විගණනය කරන ලද විමසීමේ දී එයට පිළිතුරු ලබා දී තිබෙන්නේ ආයතන හැත්තෑ තුනක් පමණක් වන අතර මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම ආයතන යටතේ පවත්නා ගොඩනැගිලි සම්බන්ධයෙන් පමණි.


මුදිතා දයානන්ද