තොටළග කජීමාවත්ත නිවාස පෙළක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව පොලිසිය පවසයි.ජීවිත හානි සිදුව නැති බවත් පවුල් 80ක පුද්ගලයින් 220ක් අවතැන්ව සිටින බවත් සඳහන් කරයි.
එම පිරිස මේ වන විට කැලණි විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ තාවකාලිකව නවතා තිබේ.
ඊයේ (27) රාත්‍රී 08ට පමණ හටගත් ගින්න මැඩපැවැත්විම සඳහා ගිනිනිවන රථ 12ක් යොදවා තිබූ අතර ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වා තිබුණි.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.මේ අතර ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම අවශ්‍ය සහන සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
ජපානයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශ, ගිනිනිවන හමුදාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණයෙන් නිවාස සංකීර්ණයේ සිටින පුද්ගලයින්ගේ අවශ්‍යතා සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
විශේෂයෙන් මෙම තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත් මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
0 Comments