kalubowila-drug-fire-gun-usa

දෙහිවල - කළුබෝවිල පාසල් මාවත් දී හොරයින් මත්කුඩු සහ මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීම් නියෝග මත ප‍්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව ඔහු පදිංචි නිවසට යාබද ගරාජය තුළ සඟවා

තිබූ විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ 3 සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6, මිලිග්‍රෑම් 115 ක්, මත්පෙති 147 ක් හා අංක 51599 දරන මේඩ් ඉන් යු එස් ඒ (ඇමරිකා  එක්සත් ජනපදය) ලෙස සටහන් කර තිබූ ගිනි අවියක් හා දශම 38 වර්ගයේ උඩ තුනක් ද පොලිසිය භාරයට ගෙන ඇත.



කොළඹ අපරාධ කොට්ඨාසය සංවිධානාත්මක අපරාධ විමර්ෂන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආර්.එල්.ආර්. මධුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුන්දා (4) සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අනාවරණය කළ තොරතුරු ඔස්සේ සොයා ගත් ගිනි අවිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මියගිය පියාට අයත් ගිනි අවියක් බවට සැකකරු අනාවරණය කළ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය සැකකරුගේ පියා ද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු අයකු බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ දෙඅත්වල බාහු කොටසේ අම්මා සහ තාත්තා යනුවෙන් පච්ච කොටා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. සැකකරු මෙම ගිනි අවිය පාතාල ක්‍රියාකාරකම් සඳහා කුලියට ලබා දුන්නා ද? එසේ නොමැති නම් ඔහු පෞද්ගලිකව විවිධ අපරාධ සඳහා යොදා ගත්තා ද ? යන පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසීය. සැකකරු රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන් පසු එළඹෙන 9 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-