දුම්රියට අසුවීමෙන් අතේ මැණික් කටුවෙන් පහළ කොටස වෙන්වූ පුද්ගලයෙකු 07 වැනිදා රාත්රීයේ මහනුවර ජාතික රෝහලට තනිවම පැමිණ තිබේ. අතින් වෙන්වූ කොටස සුදුහුම්පොළ ප්රදේශවාසීන් පසුදා දුම්රිය මාර්ගයට යාබදව තිබී සොයාගෙන ඇත. එම අත් කොටස මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදුන් බව පොලිසිය පවසයි.
මිනිස් අතක මැණික් කටුවෙන් පහළ කොටසක් එම ස්ථානයට කෙසේ පැමිණියේද යන්න මුලින් සිතාගත නොහැකි වූ ප්රදේශවාසීන් ඉන් කලබලයට පත්ව තිබේ. අනතුරට ලක්වූ පුද්ගලයා මහනුවර, දංගොල්ල ප්රදේශයේ පදිංචි එස්.එන්.එම්. රිස්වාන් (44) නමැති අය බවට හඳුනාගෙන ඇත. ඔහු මේ වනවිට සැත්කමකට ලක්ව මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
තමන් දුම්රිය මාර්ගයේ පැමිණෙමින් සිටියදී එහි තිබූ විශාල වලකට ඇද වැටුණු බවත් ඉන් ගොඩඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා උත්සහ කරත්දී එක්වරම දුම්රිය එම අත උඩින් ගමන් කළ බවත් රිස්වාන් රෝහල් පොලිසියට පවසා ඇත.
0 Comments