korea-japan-money

දකුණු කොරියාවේ හා ජපානය රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව තරුණ තරුණියන් රැකියා සදහා බදවාගැනීමට උත්සාහ කිරීමේ වරදට අදාළ පුද්ගලයන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන කුරුණගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

නඩුව යළි ඔක්තෝබර් 28වැනිදා කැදවන ලෙසද මන්දෝත්‍රාත්වරයා නියෝග කර ඇත. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අය කරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා ඇත. ඒ අනුව, විමර්ෂන නිලධාරින් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැකර ජපානය්හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳභා ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 1500.00 බැගින් මුදල් අයකර ඇති බව හෙළි වී තිබේ. එම ස්ථානයේ තිබී රුපියල් 77,000ක මුදලක්, බර කිරන තරාදියක්, ඇස් පෙනීම පරීක්ෂා කරන අර හා ඉලක්කම් පුවරු දෙකක් සහ කොරියාවේ ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණඩ වශයෙන් විමරේත නිලධාරින් භාරයට ගෙන ඇත.


(නවෝද්‍යා පවනි )