leadership-academy-slpp

පසුගිය ජුනි 09 වනදා ඇමති පදවියෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ කියා සිටියේ තමන් පක්ෂය නගා සිටුවීම වෙනුවෙන් ඉදිරි කාලයේ වැඩ කරන බවයි. ඒ අනුව බැසිල්ගේ සමීපතමයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රංජිත් බන්ඩාර මූලිකවී මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාද සමග


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය ආරම්භ කිරීම ඊයේ (03) කොළඹදී සිදුකෙරිණි.

දේශපාලන විශිෂ්ටත්වය සඳහා වන මෙම නායකත්වය ඇකඩමිය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව බව එහිදී කියැවුණ නමුත් බැසිල් එම අවස්ථාවට එක් නොවීම විශේෂිතය.


ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය, ව්‍යවසායකත්වය යනාදී වශයෙන් පන්ති 07ක් මෙම නායකත්ව ඇකඩමිය පවත්වනු ලබන බවත් ඉදිරි මැතිවරණ සඳහා නාමයෝජනා ලබාදීමේදී මෙම ඇකඩමියේ අධ්‍යාපනය ලබාගන්නා අය වෙත අවධානය යොමු කරන බවත්
මෙම නායකත්ව ඇකඩමිය රටේ දේශපාලනයේ වෙනසක් වෙනුවෙන් සිදුකරන දීර්ඝ කාලීන වැඩසටහනක් වන අතර එහි කෙටි කාලීන බලාපොරොත්තු නොමැති බවත් උත්සවයේදී සඳහන් විය.