lotus-tower-11m

ඊයේ (19) දිනයේද විශාල ජනතාවක් නෙළුම් කුලුන නැරඹීම සඳහා පැමිණ තිබේ. මේ හේතුවෙන් අද දිනයේ සිට එය නැරඹීම සඳහා ලබා දී තිබූ කාලය වැඩි කිරීමට ද පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේය.
නෙළුම් කුලුන නැරඹීම ආරම්භ කර පළමු දින 04 තුළ රුපියල් මිලියන 11කට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇත.


මේ අනුව නෙළුම් කුලුනේ දෙවන අදියර කඩිනමින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුලුන පුද්ගලික සමාගම පවසයි.
විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, තෙවන අදියර ද ලබන වසර ආරම්භයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.
දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන කොළඹ ' නෙළුම් කුලුන' නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර අතර ඒ අනුව අද (20) සිට සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත.
 නරඹන්නට පැමිණෙත්තන් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන බව කී සමරසිංහ මහතා ඒ අනුව සතියේ දිනවල රාත්‍රි 9.00ට පෙරත්, සති අන්තයේ රාත්‍රි 10.00ට පෙරත් ප්‍රවේශ පත් මිලදී ගත යුතු බව ද සඳහන් කළේය.

මේ දිනවල කුලුන නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් කොටසකට විශේයෙක් කිරීමට අවස්ථාවක් නොමැති නිසා රුපියල් 2,000 ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් රුපියල් 500 ප්‍රවේශපත් පමණක් නිකුත් කරන බවත් හෙතෙම කීවේය.

වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.  නෙළුම් කුලුන නැරඹීම සඳහා එය විවෘත කළ ඉකුත් 15 වැනිදා සිට පෙරේදා (18) දක්වා පුද්ගලයන් 25,570 දෙනකු පැමිණ ඇති බවත්, එහි ආදායම ලක්ෂ 118ක් පමණ වන බවත් මේජර් ජනරාල් සමරසිංහ මහතා පැවසීය.