mahinda-gotabaya

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද දින පාර්ලිමේන්තුවේ අයවැය විවාදයෙන් පසු පිටව යද්දී මාධ්‍ය කන්ඩායමක් සමග ඇවිදයමින් කළ කථාබහකදී හෙට (03) දිවයිනට පැමිණීමට නියමිත පළාගිය ජනපති හා මහින්දගේ සොයුරු ගෝඨාභය ගැන ප්‍රශ්න කිරීමක් සිදු විය.

එහිදී මහින්දගෙන් විමසූ ප්‍රශ්න වලට ලබාදුන් පිලිතුරු මෙසේය.

ඔබතුමාගෙ සහෝදරය හෙට එනවද ලංකාවට?

එහෙම තමයි ආරංචිය

ඔබ තුමාට ඒ ගැන කිව්වද?

නෑ නෑ මාත් එක්ක මුකුත් කිව්වෙ නැහැ

එයා ආයෙත් දේශපාලනයට එනවද?

ඉතින් ඒක එයාගෙන් අහන්න ඕන.. හහ් හහ්..