malwana-incident

මල්වාන ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක පවුලේ අය සමග නවාතැන් ගෙන සිටි දස හැවිරිදි පාසල් දැරියක නාන කාමරයේ දීය නාමින් සිටියදී විඩියෝ කළ බව කියන තිස්හත් හැවිරිදි එක් දරු පියකු පෙරේදා (04) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.

දැරිය නාන කාමරයට ගොස් දිය නාන විට සැකකරු එහි කවුළුවෙන් ඇය විඩීයෝ කර තිබෙන බවද පොලිසීය සඳහන් කරයි.

මේ අවස්ථාවේ දැරියගේ මවුපියන් රැකියාව සදහා ගොස් සිටි අතර කාමරයේ ඉද තිබෙන්නේ ඇයගේ ආච්චි අම්මා පමණක් වන බවත් පොලිසිය කියයි. සිද්ධිය දුටු දැරිය මේ බව ආච්චි අම්මාට පැවසීමෙන් පසුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු සිය ජංගම දුරකතනයද සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිසිය කීය.  මේ සැකකරු නවාතැන් ගෙන තිබෙන්නේ ද මේ නේවාසිකාගාරයේම වෙනත් කාමරයක වන අතර ඔහුගේ බිරිය විදේශ ගත වී සිටින බවත් පොලීසිය කීවේය. මේ සැකකරු බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකු වන බවද පොලීසිය කීය. අත්අඩංගුවට ගත් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.