
විකිණීම සඳහා ගෙන ගිය ගැහැනු ළමයාගේ පියා මියගොස් ඇති අතර මව පිටරට රැකියාවක් සදහා ගොස් ඇත්තේ එම දැරිය සහ අනිකුත් දරුවන් රැකබලා ගැනීම සඳහා තමන්ගේ ඥාති කාන්තාවකට බාරදීමෙන් අනතුරුව බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත. නීතියෙන් විවාහක නොවූ සහ ස්ථිර වශයෙන් පුරුෂයකු නොමැති 16 වැනි වියේ පසුවන කාන්තාවකට මාස හතරක පමණ දරුවකු සිටින අතර දරුවා ජීවත් කරවීම සදහා කිසිදු ආදායම් මාර්ගයක් නොමැති හෙයින් දරුවා හදාවඩා ගැනීම පිණිස ඥාතිවරයකුට බාර දී ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධවූ 20 වැනි වියේ පසුවන අනෙක් කාන්තාව සැමියාගෙන් වෙන්වී සිටින තිදරු මවක බවත් ඇය මත්ද්‍රව්‍ය විකිණීමේ නිරත වී සිටින බවත් පොලිසිය කියයි.
සැකකාර කාන්තාවන් දෙදෙනා අධිකරණය වෙත යොමුකර ඇති අතර මෙම සිද්ධියට ලක්වූ ගැහැනු ළමයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමුකර තිබේ. මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේකද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂන් මහතා ඇතුළු නිලධාරිහු මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval