මිද්දෙණියේ මල්ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කියන මිද්දෙණියේ කෝටිපති ව්‍යාපාරිකයා එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා පෙරේදා නියෝග කළේය.
මෙලස රක්ෂිත බන්ධනාගාරගත කෙරුම, මිද්දෙණිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩබිලිවි.ඒ.කේ. පියල් රංජිත් නොහොත් ඇට සුදා (අවු.54) නමැත්තෙකි. පසුගිය ජුනි මස 26වැනිදාමිදෙණිය නගරයේදී තිදරු පියෙකු වන ඒ.කේ.පී. ප්‍රභාත් මංජුල (අවු.52) නමැති මල්ශාලා හිම්කරුවෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර,ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වෙඩි තැබීම සිදුකළ බව කියන පුද්ගලයා හා වෙඩි තැබීම සදහා පැමිණි මෝටර් රථය පැදවූ රියදුරු හා ඔවුන්ට සහාය දැක්වූ බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටී-56 වර්ගය ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදී අනාවරණය වී තිබුණු මෙම ඝාතනය සදහා වූ යාත්රාත්තුව ලබාදී ඇත්තේ මීදෙණියේ ඇට සුදා නමිති ව්‍යාපාරිකයකු බවයි. ඒ අනුව පොලිසිය අදාළ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කෙරුණු අතර, එහිදී සැකකාර ව්‍යාපාරිකයා නීතිඥයන් කිහිපදෙනකු මාර්ගයෙන් පසුගිය 08වැනිදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිද්දෙණිය පොලීසියට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ මූලික විමර්ෂනවලදී අනාවරය වී තිබු, රක්ෂිත බන්ධනාගාරගත කරලා කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියක ඝාතනයට ලක්වූ මල්ශාලා හිරුගේ පුතාගේ මිතුරෙකු සමග පලායාම් සිදුවීමක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුලක් බව ඝාතනයට මුල්වී තිබෙන බවයි.සිද්ධිය සම්බන්ධයෙන් තගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ උපදෙස් පරිදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හා මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වති.
(සූරියවැව - නුවන් ජයසේකර)
0 Comments