middle-east-hot-weather

මැදපෙරදිග කලාපයේ උණුසුම ඉහළ යාම ගෝලීය උණුසුම් සාමාන්‍ය අගය මෙන් දෙගුණයක අගයක් ගන්නා බව අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි. ඒ අනුව මේ හරහා මැදපෙරදිග කලාපයේ ජනතාව සහ ආර්ථිකයන් දරුණු තර්ජනයන් වෙත මුහුණ දෙනු ඇතැයිද එම අධ්‍යයනය පවසයි. මේ වසරේ අගභාගයේදී ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ COP27 දේශගුණික සමුළුවට පෙරාතුව මෙම වාර්තාව නිකුත් කෙරී තිබේ. මෙහිදී ගණන් බලා ඇති ආකාරයට මෙම උණුසුම ඉහළ යාම හේතුවෙන් බලපෑමට ලක්වන ජනතාව මිලියන 400ක් ඉක්මවනු ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව නියග ඇති වීම, සාගර ජල මට්ටම් ඇති වීම යනාදිය සිදුවනු ඇති බවත් පැවසෙයි. ම

ෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට 1981 වසරේ සිට 2010 දක්වා වූ කාලය තුළදී දශකයකට සෙල්සියස් අංශක 0.45ක සාමාන්‍යයකින් මෙම කලාපීය උණුසුම ඉහළ යන බව වාර්තා වී තිබේ. මෙහිදී එම කාලසීමාව තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 0.27ක් පලස ගයාන් බලා තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන රාණික වෙනස්කම්වලින් තොරව ගත් විට. මෙම මැදපෙරදිග කලාපය තුළ අනිවාර්යෙන්ම මේ සියවස අවසන් වනවිට සෙල්සියස් අංශක 5ක උෂ්ණත්වය වැඩි වීමක් දැකගත හැකි වනු ඇතැයි පුරෝකථනය කෙරී ඇත.



මෙහිදී එම තත්වය කලාපයේ ඇතැම් රටවල ජනතාවට සිය ජීවිත වෙත හුරු කරගැනීම සඳහා ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් වනු ඇතැයිද මෙම වාර්තාව පෙන්වා දෙයි. මෙම වාර්තාව මගින් ග්‍රීසියේ සිට ඊජිප්තුව දක්වා වන බටහිර ප්‍රදේශයේ සිට ලබනනය, සිරියාව සහ ඉරාකය හරහා බහරේනය, කුවේටය සහ එක්සත් අරාබි එමීරය යන ගලීෆ් රාජ්‍යයන් වෙත යොමුව තිබේ. එසේම මදපෙරදිග කලාපයේ නැගෙනහිර පිහිටි ඉරානයත් මේ සදහා දායක කරගෙන ඇත..