ගෙවුණු මාස අටක කාලය තුළ මෙරට වෛද්‍යවරුන් පන්සියයක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය. මෙම තත්වය බරපතළ කාරණයක් බවද ඔහු සඳහන් කළේය.
ගෙවුණු මාස දෙක තුළ විදෙස් ගතවුණු වෛද්‍යවරුන් බොහෝ දෙනකු විදෙස් ගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරව බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.
ඒ හේතුවෙන් සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තිකයන්ගේ ගණන පනහකට වැඩි බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. වෛද්‍යවරුන් විදෙස්ගතවීම රටේ සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බව කී ඔහු රටේ අහිංසක දුප්පත් ජනතාවමේ තත්වය තදින් බලපානු ඇතැයි ද සදහන් කළේය.
-අජිත්ලාල් ශාන්ත උදය-
0 Comments