මුත්තයියා මුරලිදරන් නමැති ක්‍රීඩකයා වෙනත් අයගේ නම් දමා ඉඩම් අක්කර හත්සියයක් පමණ ලබාගෙන ඇතැයි සමගි ඒ බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18)පැවසීය.
ඔහු මෙසේ ලබාගෙන ඇත්තේ මධ්‍යම පන්තියට බෙදන ඉඩම් බව ද ඔහු සඳහන් කළේය.ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබද දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ඉඩම් බෙදාදීමක් ගැන අයවැය යෝජනාවලියේ සඳහන් වන බවත් මේ කරන්න යන්නේත් අක්කර විස්ස බැගින් සිය හිතවතුන්ට ආධාරකරුවන්ට බෙදාදීම බවත් ඔහු ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ අය අද ජාවාරම් කරන බව පැවසු සරත් ෆොන්සේකා මහතා ටෙන්ඩර්වලින් පිට ඇමෙරිකානු ඩොලර් කෝටි 150ක ගල් අඟුරු කොන්ත්‍රාත්තුවකට ද අත්සන් කර ඇතැයි සඳහන් කළේය. එම කොන්ත්‍රාත්තුව ගත් සමාගමේ ප්‍රධානියා රාජපක්ෂ පවුලේ කෙනකු බව ද හෙතෙම සඳහන් කළේය.
0 Comments