කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට විදුලිය ලබාදීම සඳහා දින 07ක පමණ කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජීනේරු හා අධිකාරී සංගමය කළ විමසීමකදී සඳහන් කළේය. බොයිලේරුවට ජලය සපයන නළයක ඇති වී තිබෙන කාර්මික දෝෂ තුනක් ඊයේ (27දා) වනවිට හඳුනාගෙන තිබෙන බවත්, වැඩිදුර පරික්ෂා කිරීම සඳහා අදාළ ප්රදේශ සිසිල් තත්ත්වයට පත්වනතුරු සිටිය යුතු බවද එම සංගමයේ සභාපති ඒ.පී.වී. නිශාන්ත මහතා සඳහන් කළේය. අදාළ ප්රදේශ සිසිල් වීම සඳහා දින දෙකක පමණ කාලයක් ගතවන බවත්,
ඊයේ වනවිට අදාළ යන්ත්ර අක්රිය කර තිබෙන හෙයින් වියේ සිට සිසිල් වීම සිදුවන බවත් ඔහු පවසා සිටියේය. සිසිල් වීමෙන් පසු අදාළ දෝෂ හඳුනාගෙන යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බවත්,
මේ නිසා මෙම යන්ත්රයෙන් විදුලිබල පද්ධතියට විදුලිය ලබාදීමට දින 07ක් හෝ ආසන්න කාලයක් ගතවන බවත් ඒ මහතා සඳහන් කළේය.නොරොච්චෝලේ විදුලි බලාගාරයේ යන්ත්ර 03න් එකක් මේ වනවිට නඩත්තු කටයුතු සඳහා නවතා දමා තිබෙන බවත්, එහි නඩත්තු කටයුතු ලබන මාසයේදී අවසන් කිරීමට හැකිවන බවත් හෙතෙම පවසා සිටියේය. මේ අනුව නොරොච්චෝලේ බලාගාරය තුළින් දැනට ජාතික පද්ධතියට එක්කරනු ලබන්නේ එක් යන්ත්රයකින් නිෂ්පාදනය කරන මෙගාවොට් 270ක ප්රමාණයක් බවත්,
යන්ත්ර දෙකක් අක්රිය කර තිබෙන හෙයින් මෙගාවොට් 540ක ප්රමාණයක් පද්ධතියට අහිමි වී තිබෙන බවත් ඒ.පී.වී. නිශාන්ත මහතා සඳහන් කළේය.අලුතින් බලාගාර ඉදි නොකිරීම නිසා දෛනික විදුලි ඉල්ලුම් ලබාදීම සඳහා නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩව ක්රියාත්මක කිරීම සහ නියමිත කාලවලදී නඩත්තු කටයුතු සඳහා නවතා දැමීමට නොහැකි වීම හේතුවෙන් මේ ආකාරයට මීට අදාළව මේ වනවිට එක් නැවකට මුදල් ගෙවා තිබෙන බවට රජය ප්රකාශ කරන බවත් ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව බලාගාරයේ පළමු යන්ත්රය පසුගිය අගෝස්තු 15වැනිදා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම යන්ත්රයේ කටයුතු දින 14කට නවතා දැමුණු අතර, එය අලුත්වැඩියා කටයුතු කර ජාතික විදුලි පද්ධතියට විදුලිය චික්කි එම මාසයේ 29 වැනිදා සිදු විය.
නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි යන්ත්රයක් හදිසියේම කාර්මික දෝෂයකට ලක්වීම නිසා ඊයේ (27දා දිනයේ විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ අතර, එහෙත් විදුලි ජනනයට ඉන්ධන ලැබීමට නියමිත හෙයින් අද (28දා) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක් දක්වා අඩු වන බවද මහජන උපායෝගිතා කොමිසම සඳහන් කරයි. කාර්මික දෝෂයකට ලක් වූ යන්ත්රය ලබන 03වැනි සඳුදා වනවිට යථා තත්වයට පත්කර පද්ධතියට එක් කිරීමට හැකිවන බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය. මෙම කාලය තුළදී විදුලි සැපයුම් සිදු කිරීම සඳහා හදිසි මිලදී ගැනීම පවා සිදුකරන බවත්, ඊට අදාළ කටයුතුවලට අනුව දෛනික විදුලි සැපයුම් පැය 02 විනාඩි 20 ප්රමාණයක රඳවාගැනීමට හැකිවන බවද හෙතෙම පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments