pakistan-imf

පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර Aඇතිකරගත් එකගතාව යටතේ එරටට ප්‍රදානය කිරීමට නියමිතව ඇති ඩොලර් බිලියන 6ක ණය මුදලින් ඩොලර් බිලියන 1.16ක් ඊයේ (01) දා දිනයේදි එරට මහ බැංකුව වෙත හිමි වූ බව වාර්තා වෙයි.

පාකිස්තාන මහ බැංකුව සිය ටිවිටර් ගිණුම හරහා මේ බව අනාවරණය කර තිබේ.ම

ෙම අරමුදල් සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් පාකිස්තානය සම්බන්ධයෙන් වන හත්වැනි සහ අටවැනි සමාලෝචන සම්පුර්ණ කළ බවත් මහ බැංකුව මෙහිදී සදහන් කර තිබේ. ඒ අනුව මෙම අරමුදල් ගීවීමත් සමගින්ම පාකිස්තානයේ විදේශ විනිමය සංචිතය තවදුරටත් ඉහළ දැමීමක් සිදුවනු ඇති බවත්, ඒ හරහා අනෙකුත් බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශවීය ක්‍රමවේද හරහාරය වෙතට ගලාඒමට නියව තිබූ විදේශ මුදල්ද හිමිවනු ඇතැයි විශ්වාසය වී තිබේ. 2019 වසරේ ජූලි මාසයේදී පාකිස්තානය සහජාතන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගත් විස්තීරණ අරමුදල් පහසුකම් සැලසීමේ එකගතාව යටතේ මාස 39ක කාලයක් තුළ ඇ.ඩා, බිලියන 6ක යාය පහසුකමක් සඳහා වන එකගතාවට අත්සන් තැබුණි.

එහෙත් පසුව එම ණය සැපයීම තාවකාලිකව අත්හිටවුහු අතර, පාකිස්තානය සම්බන්ධයෙනවන සමාලෝචනයකට IMF යොමුවිය. ඒ අනුව පසුගිය අගෝස්තු 29 වැනිදා තීරණයක් ගත් එම අරමුදල පාකිස්තානයේ මෙම කාලය වැඩසටහන ලබන 2023 |වසරේ ජුනි දක්වා දිගු කිරීමට අනුමැතිය ලබාදී තිබේ.