parliament-minister

පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනයන්හිදී පාර්ලිමේන්තුවේ රැදී සිටීමේ අවශ්‍යතාව දන්වමින් සියලුම කැඩ්මනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ආණ්ඩු පක්ෂය විසින් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.ඒ අනුව එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළ, ඒ ඒ දිනයන්හි පාර්ලිමේන්තුවේ රැදී සිටීමට අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු නම් කර ඇති බවත්, වෙන් කර ඇති දිනයන්හිදී පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ඔවුන් පාර්ලිමේන්තුවේ රැදී සිටීම අනිවාර්ය බවත් දැනුම් දී ඇති බව වාර්තා විය.

නියමිත දිනයේදී සභාවෙහි රැදී සිටීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් අමාත්‍යවරයෙක් හෝ රාජ්‍ය අමාත්‍යවරයෙක් යොමු කරන ලෙස දැනුම් දී ඇති බවද ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වේ. තවද මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරුන් හමුවීම සඳහා පාර්ලිමේන්තු සතිය තුළ එක් දිනයක, නියමිත වේලාවක් ලබාදී ඇති අතර, එහිදී සිය ගැටලු ඉදිරිපත්  කිරීමටද අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා විය. එමෙන්ම ද පැවැත්වෙන අවස්ථාවලදී සියලුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ රැඳී සිටීම අනිවාර්ය බවද දන්වා ඇත. මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ද තමන්ට වෙන් කර ඇති දිනයන්හි පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය බව දැනුම් දී තිබේ.

(නවෝද්‍යා පවනි )