
ශ්‍රී ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි සත්වෝද්‍යානය ලෙස පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන නම් කිරීමට තීරණය කෙරේ.
පින්නවල සත්වෝද්‍යානය මේ වනවිට විවෘතව පවතින්නේ පස්වරු 5 දක්වා පමණයි. මේ හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වනවා.
එමෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවට ද ඉන් සිදුවනුයේ බලවත් පාඩුවක්. මෙම සංචාරක කලාපය තුළ සංචාරකයින් නතර කර ගැනීම සදහා රාත්‍රී කාලයේ විවෘතව තැබීම වැදගත් වනවා.
එමගින් සතුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමට සංචාරකයින්ට අවස්ථාව සැලසෙන අතර රජයට සහ ව්‍යාපාරිකයින්ට ද ඒ තුළින් ලාභයක් උපයාගත හැකියි.
මෙම තොරතුරු හෙළිවූයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පින්නවල සිදුකළ සංචාරයකදීයි. සත්වෝද්‍යානය සහ ඇත් අතරු සෙවන ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි සේවකයින් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡාවක් ද පැවැත්වූවා.
Comments
Post a Comment
Your comment will be visible after approval