බිනර පොහොය යෙදී තිබු පෙරේදා (10) ගංජා වැටලීමකට ගිය පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසකට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයේදී පිරිසක් පහරදීමෙන් එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිවු දෙනෙකු බරපනල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.පී.එස්.පී. පතිරණ, පොලිස් සැරයන් (35007) සේනාරත්න,
පොලිස් කොස්තාපල්වරුන් වන (78216) කුමාර හා (82233) සුභසිංහ යන නිලධාරීන් බව ආණමඩුව පොලීසිය සඳහන් කරයි. විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පුත්තලමේ සිට කොට්ටුකච්චිය ප්‍රදේශයේ මන්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමකට ගොස් සැකකරුවනදෙදෙනකුද අත්අඩංගුවට ගෙන යතුරු පැදි වලින් රැගෙන යමින් සිටියදී, මහ මග බීමතින් රැදී සිටි තරුණයන් පිරිසක් සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් සමග බහින් බස්වීමක් ඇතිව තිබූ බව පොලීසිය කියයි.
ඉන් පසුව සැකකාර තරුණයන් පිරිස සිවිල් ඇඳුමින් සිටි විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට යකඩ පොලු හා ලී මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි. අදාල පහර දීම සම්බන්ධ සැකකරුවන් හදුනා ගෙන ඇති බවත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය කියයි. ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
පුත්තලම රෝහල් බලධාරියකු සඳහන් කළේ පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන්ට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසුව, නේවාසික ප්‍රතිකාර සදහා වාට්ටු වලට යොමු කළ බවයි. සිද්ධිය සැලවීමත් සමග පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනවිරත්න මහතාද එම ස්ථානයට ගොස් ඇති අතර වහාම ඔහු රෝහලටද ගොස් තුවාලකරුවන්ගේ සුවදුක් විමසීය.පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් හේමසිරි මහතාගේ අධීක්ෂණය යටතේ, පුත්තලම හා ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරුන් වන ඕ.බී. අමරබන්දු, එච්. එම්.පී.එස්. හේරත් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වති.
මේ අතර ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනකු ලබන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂිකා පටබැඳිගේ මහත්මිය ඊයේ (11) නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ කොට්ටුකච්චිය පුරාණගම පදිංචි අවුරුදු 28 හා 43 සැකකරුවන් දෙදෙනෙකි.
හිරාන් ප්‍රියංකර ජයසිංහ
0 Comments