queen-elezabeth-muslim

II එලිසබෙත් මහ රැජිනගේ නමින් උම්රා ඉටු කරමින් සිටි යේමන පුරවැසියෙකු ශුද්ධ වූ මක්කම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා සඳුදා (සැප්තැම්බර් 12) මක්කාවේ මහා පල්ලියේදී අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය ඉස්ලාම් ජාතිකයින් වෙනුවෙන් අල්ලාහ්ට උම්රා යාඥා සිදු කළ හැකි වුවත් ඉස්ලාම් නොවන අයට උම්රා යාඥා කිරීම ආගමිකව දඩුවම් ලබන වරදකි.



ආරක්ෂක හේතූන් මත අදාළ බලධාරීන් එම පුද්ගලයාගේ නම හෙළි කර නොමැත. වාර්තාවලට අනුව, යේමන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ ට්විටර් ගිණුමේ ඔහුගේ යාඥාව ගැන වීඩියෝවක් පළ කළේය. එහි දැක්වෙන්නේ ඔහු බැනරයක් අතැතිව සිටින ආකාරයයි. ඔහුගේ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ රැල්ලක් බිහිකර ඇත.

සෞදි මහජන ආරක්ෂක ඒජන්සිය (SPCA) ට්වීට් කර අත්අඩංගුවට ගැනීම නිවේදනය කළේය. උම්රා නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් යේමන ජාතිකයා අත්අඩංගුවට ගත් බව එහි සඳහන් වේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයා විසින් පළ කරන ලද වීඩියෝව අරාබි භාෂාවෙන් ශීර්ෂ පාඨය දමා ඇත: 'දෙවන එළිසබෙත් රැජිනගේ ආත්මය වෙනුවෙන් උම්රා ඉටු කිරීම. මම ඇය වෙනුවෙන් අල්ලාහ්ට යාච්ඤා කරමි. අල්ලාහ් ඈව පාරාදීසයේ තබා දැහැමියන් අතර පිළිගනීවා. ' එහි දැක්වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශන සඳහා මහජන පැමිණිල්ලට භාර දී ඇති බව ද SPCA පවසයි.

වාර්තාවන ආකාරයට සෞදි මුස්ලිම්වරුන් මෙය විවේචනය කරන්න පටන් ගෙන ඇත්තේ යේමනයේ වීඩියෝව වයිරස් උනාට පසුවයි. ඔහු ඉක්මනින්ම අත්අඩංගුවට ගනු ලැබීය.

ඉස්ලාමීය නීතියට අනුව, අනෙකුත් මුස්ලිම්වරුන්ට මියගිය මුස්ලිම්වරුන් වෙනුවෙන් හජ් හෝ උම්රා කළ හැකිය. මෙය 'බද්ලි හජ්' හෝ 'බද්ලි උම්රා' ලෙස හැඳින්වේ. එය මුස්ලිම්වරුන්ට පමණක් අවසර ඇත, නමුත් කිසිදු මුස්ලිම් නොවන අයට අවසර නැත.

සෞදි රජයේ නීතිවලට අනුව උම්රා වන්දනාකරුවන්ට උම්රා කාලය තුළ බැනර් රැගෙන යාම සහ දේශපාලන සටන් පාඨ ලබා දීම තහනම් බවද දන්වා තිබේ.
බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජින පසුගිය බ්‍රහස්පතින්දා මියයන විට 96 වැනි වියේ පසුවිය. ඇගේ අවසන් කටයුතු තවම සිදු කර නැත. ඇය  භක්තිමත් කිතුනුවකු වූ අතර එංගලන්ත පල්ලියේ උත්තරීතර ප්‍රධානී ලෙසද කටයුතු කළාය.