ranil-mahinda-premalal

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ කනිටු දියණියගේ විවාහ මංගල්‍යය පසුගියදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.




එම මංගල උත්සවයේදී ජනපති රනිල්, මහින්ද, රෝහිත, කැටගොඩ ආදීන් සමග සතුටු සාමීචියේ යෙදෙමින් සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.
ප්‍රේමලාල් ජයසේකර 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂකගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා වලට ලක්ව සිරගතව සිටිමින් කාලයක් සිරේ සිට පාර්ලිමේන්තුවටද පැමිණි අතර පසුව ඔහු එම නඩුවෙන් නිදහස් කෙරිණි.