මෙවර යල කනයේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා රජය සිය වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට සුදානම් වෙයි. මීට පෙර රුපියල් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක ණය තවමත් නොපියවී ඇති බැවින් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත තවදුරටත් ණය ලබාදීමට තමන්ට හැකියාවක් නොමැති බව රජයේ බැංකු විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, වී මෙට්‍රික්ටොන් 30,000ක් මිලදී ගැනීමටත්, තොග බැකුවලට උකස් කර රුපියල් බිලියන 02ක ඇප ණයක් ලබා ගැනීමටත් අනුමැතිය ලැබුණු බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් පවසා තිබේ මේ තත්ත්වය තුළ පෞද්ගලික අංශයට වී තොග එකතු කර ගැනීම වළක්වාලමින් වී අලෙවි මණ්ඩලය විසින් තමන්ගේම ස්වාරක්ෂක තොග පවත්වාගෙන යාම සහතික කිරීම මෙහි අරමුණ බව ඔහු පැවසීය. වී අලෙවි මණ්ඩලය විසින් 2021/22 මහ කන්නය සඳහා වී මිලදී ගැනීම් සඳහා ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 6,500ක් ලබාගෙන තිබූ අතර, මේ වනවිට රුපියල් මිලියන 4,464ක් පමණක් ආපසු ගෙවා ඇත. නමුත් රුපියල් මිලියන 1,000කට වැඩි හිඟ මුදල් සැප්තැම්බර් 11වැනිදා වනවිට ගෙවීමට නියමිතය. එමෙන්ම 2019/20 මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මහජන බැංකුවෙන් ණය ලබාගෙන තිබූ අතර, එහි රුපියල් මිලියන 759ක හිඟයක් පවතී. මීට පෙර 2012-2019 කාලය සඳහා රාජ්‍ය බැංකු දෙක සඳහා වී අලෙවි මණ්ඩලයෙහි හිඟ ණය රුපියල් මිලියන 13,604ක් භාණ්ඩාගාරය විසින් පවරා ගන්නා ලද අතර,
එහි ප්රාග්ධනය සහ පොලී ගෙවමින් සිටී. එහි රුපියල් මිලියන 6,400ක් තවමත් හිඟව පවතී. කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදය යටතේ රුපියල් බිලියන 02ක් නිදහස් කිරීමට රාජ්‍ය බැංකු සමග ඇති කරගත් එකඟතාවෙන් පසුව සිකුරාදා රුපියල් මිලියන 250ක් නිදහස් කර ඇති අතර, බැංකු සමග පැවැති සාකච්ඡාවලදී වී අලෙවි මණ්ඩලය ණය ආපසු ගෙවීමේ වෙනත් ක්‍රමවේදයන්ද පෙන්වා දී ඇත.
0 Comments