ridiyagama-elephant

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ විදුලි වැටේ බැටරි හතරක් ගලවා සොරකම් කරගෙන ගොසිටි එහි සේවය කරන සේවකයෙකු ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි. සෆාරි උද්‍යානය පිහිටි ප්‍රදේශයේ පදිංචි එම උදයානය වනඅලි රැකවරකරුවකු ලෙස සේවය කරන අයකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු විසින් සොරකම් කරන ලද බැටරි 04ද පොලිස් භාරයට ගෙන ඇත.

සෆාරි උදනයන් පිටතට උයනේ සිටින අලින් ඇතුළුවීම හා පිටතින් වනඅලින් පැමිණීම වළක්වාලීමට සෆාරි උද්‍යානය වටා ඉදිකර ඇති විදුලි වැටට සූර්ය බලයෙන් විදුලිය සැපයීම සිදුකෙරෙන අතර ඒවායේ සවිකර තිබූ ඉතා වටිනා බැටරි හතරක් සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත පරික්ෂතා පවත්වා තිබේ. ඒ අනුව සැකකරුගේ නිවසේ මෙම බැටරි හතර තිබියදී පොලිස් භාරයට ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් බැටරි හතර සමග සැකකරු ඊයේ (12) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අම්බලන්තොට පොලීසියේ සැරයන්වරුන් වන සමන්ත, අමිල, පොලිස් කොස්තාපල් හෂාන් යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබිණි.

(අම්බලන්තොට - සනත් ගමගේ)