සෞදි අරාබියේ අනාථ දැරියකට පහරදීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කර තිබේ. මෙම වීඩියෝවේ අනාථ නිවාසයක ආරක්ෂකයින් ගැහැණු ළමයින්ට දරුණු ලෙස පහර දෙන අයුරු දක්නට ලැබේ. ගැහැණු ළමයෙකු ඇගේ කොණ්ඩයෙන් ඇදගෙන පයින් ගසනු එක් තැනක පෙන්නුම් කරයි. බෙල්ට් එකකින් ගසන අයුරුද පෙන්වයි. ප්‍රහාරයෙන් පලා යමින් සිටි තරුණියන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහර දෙන අයුරු ද වීඩියෝවේ දක්නට ලැබිණි.
වාර්තා වන අන්දමට මෙම සිද්ධිය ඇතුළත් වීඩියෝව Khamis Musait නම් ප්‍රෙද්ශයේ අනාථ නිවසකින් වාර්තා විය. දිනය අගෝස්තු 31 වැනිදාය. ආරක්ෂකයින් දැරියන්ට පහරදීමට හේතුව මෙතෙක් පැහැදිලි නැත. කෙසේ වෙතත්, එම වීඩියෝව පළ කළ තරුණියක් පවසන්නේ ළමා නිවාසයේ දැරියන් දූෂණයට සහ යුක්තියට එරෙහිව උද්ඝෝෂණ කළ බවයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමත් සමඟ මෙම කරුණ අනාවරණය විය.
Khamis Musait ප්‍රදේශය අසීර් පළාතේ කොටසකි. එය රියාද් අගනුවර සිට කිලෝමීටර 884 ක් දුරින් පිහිටා ඇත.
මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙම වීඩියෝව මතුවීමෙන් පසු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ඉලක්කයට ලක්ව ඇත. කුමරුගේ පාලනය යටතේ සෞදි අරාබියේ හිංසන සිදුවීම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවට චෝදනා මතුව ඇත. එක්සත් රාජධානිය පදනම් කරගත් අයිතිවාසිකම් කණ්ඩායමක් වන ALQST මෙම සිදුවීම විස්තර කළේ බිහිසුණු සහ කලබලකාරී එකක් බවයි. වීඩියෝ පටයේ පෙනෙන ආරක්ෂක නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
සෞදි අරාබියේ කාන්තාවන්ගේ ජීවිතය සියලු තහංචි මධ්‍යයේ දුස්කර එකක්වී ඇති අයුරු ගැන සංවාදයක්ද මේ නිසා මතුව ඇත.
වීඩියෝව පහතින්
0 Comments