saudi-woman-twitter

සෞදි අරාබියේ සල්මාන් රජුට සහ ඔටුන්න හිම් මොහාමඩි බින් සල්මාන් කුමරුන්ට එරෙහිව ට්විටර් පණිවුඩයක් තැබූ කාන්තාවකට වසර 45ක සිරදඩුවමක් පැනවීමට එරට බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඇගේ මෙම පණිවුඩය හරහා ඉස්ලාම් ආගම සහ සෞදි  අධිකරණාය අභියෝගයට ලක් කෙරෙන බව පවසමින් එම තීරණය ලබා දී තිබේ. මෙම කාත්තාව වයස අවුරුදු 40ත් 50ත් අතර පසුවන දරුවන් පස්දෙනෙකුගේ මවක ලෙස හඳුනාගෙන තිබේ.

Nourah al-Qahtani නම් ඇය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම පණිවුඩය ප්‍රසිද්ධ කර ඇති අතර, පසුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ. ඇය අසත්‍ය සහ වරදී පණිවුඩයක් ප්‍රසිද්ධ කර ඇතැයි අධිකරණය පවසා සිටියි. මේ වසරේ පෙබරවාරී මාසයේදී අධිකරණය ඇයට අවුරුදු හයහමාරක සිරදඩුවමක් නියම කර තිබුණි.