seeduwa-arrest-story

සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ එම පන්සලේ පොඩි හාමුදුරුවන් වන 19 හැවිරිදි ඒකල සුමනසිරි ගුවන් තොටුපලේදී හසුවූ ආකාරය අහම්බයක් බව මේ වනවිට වාර්තාවේ.
නැදගමුවී මහානාම හිමියන්ගේ සාතනයට සම්බන්ධ යැයි සැකකරන හිමිනම පිළිබඳව ගුවන්තොටුපොළ ආගමන විගමන රාජකාරියේ නිරතව සිටි නිලධාරිනියකට සැකයක් ඇතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආගමන විගමන  දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර හිමිනම අත්අඩංගුවට පත්වන විට සියලුම පරික්ෂා කිරීම් අවසන්කර ගුවන් යානයට ගොඩවීමට කැඳවීම් ලැබෙන තෙක් රැදී සිටි බවත් අදාළ ආගමන විගමන නිලධාරිනියට සැක සිතී පරික්ෂා නොකළේ නම් රටින් පැන යෑමේ ඉඩ තිබූ බවත් එම නිලධාරියා කීය.

එම හිමිනම සම්බන්ධයෙන් ආගමන විගමන තොරතුරු පද්ධතිය තුළ කිසිඳු විශේෂ සටහනක් ඇතුළත්ව නොතිබීම නිසා නිලධාරිනිය ආගමන කටයුතු අවසන් කිරීමෙන් පසුව හිමිනම පිටත්කර හැර ඇති බවත් එහිදී හිමිනමගෙන් එම මරණය පිළිබඳව කරුණු විමසුව ද එවැනි සිද්ධියක් නොදන්නා ලෙස හැසිරී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. හිමිනම පිටත්කර හැර විනාඩි 10කට පමණ පසුව ලිපිනය සීදුව ප්‍රදේශයේ වීම නිසා ආගමන විගමන ඉහළ නිලධාරීන් සහ ගුවන්තොටුපළ පොලිස් බුද්ධි අංශය දැනුවත් කිරීමට නිලධාරියා කටයුතු කිරීමෙන් පසුව ආගමන විගමන නිලධාරීන් සහ පොලිසිය සැකකාර හිමිනම බාරයට ගෙන ප්‍රශ්න කළ ද කිසිවක් හෙළි නොකළ බව කී එම නිලධාරියා සඳහන් කළේ ඉන් පසුව එම ස්ථානයෙන් රැගෙනවිත් කටුනායක පොලිසියට බාරදුන් බවත්ය.



එදින අලුයම 3.30ට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයට ගොඩවීමට හිමිනම පෙරදින රාත්‍රී 11.30ට පමණ ගුවන් තොටුපොළට පැමිණ සිටි බව ද වාර්තා වේ. සැකකාර හිමිනම මේ වනවිට රැඳවුම් නියෝග මත කටුනායක පොලිසිය බාරයේ පසුවෙයි.
 යොහාන් භාසුර

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
ලොකු හාමුදුරුවො මරණ සැලසුම පොඩි නමගේ ඩුබායි පෙම්වතියගේ