sept-09-protest

මේ වන විට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන මර්දනකාරී ක්‍රියා කලාපයට හා මෙරට ජාතික සම්පත් විදේශ සමාගම් වෙත විකිණීමට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් සැප්තැම්බර් 9 වැනිදා කොළඹදී ජාතික විරෝධාතාවක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.



හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (05 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විවිධ එකගතා හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාව මත තව තවත් බර පටවන යෝජනා පවතින බවයි.

කෙසේ වුවත් මේ මොහොතේ විශාල ලෙස ඉහළ දමන ලද බදු හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව ඇති ජනතාව වෙත ජනතාවාදී පාලනයක් හරහා සිදුකළ යුත්තේ ජීවත්වීම සඳහා දීමනාවක් ලබාදීම වුවත් වර්තමාන ආණ්ඩුව විසින් සැබවින්ම සිදුකරනුයේ රට තව තවත් ණය උගුල වෙත ගෙන ගොස් ඉදිරියේදී සාමාන්‍ය ජනතාව වෙත දැවැන්ත පහරක් එල්ල කිරීම බව ද සමරසිංහ මහතා පැවසීය.