serina-williams-retired

ඇමරිකාවේ සෙරීනා විලියම්ස් වෘත්තීමය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ මේවනවිට ක්‍රියාත්මක ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදීය.  මේ වනවිට 40 හැවිරිදි වියෙහි පසුවන සෙරිනා විලියම්ස් 23වතාවක්  ග්‍රෑන්ස් ස්ලෑම් කේවල ශුරතා දිනාගෙන ඇත. ඊට ඔස්ටේලියානු විවෘත ශුරතා 07ක්, ප්‍රංශ විවෘත ශුරතා 03ක්, විම්බල්ඩන් ශුරතා 07ක් සහ ඇමෙරිකානු විවෘත ශුරතා 06ක් ඇතුළත්ය.



ඇය ලොව අංක එකේ ක්‍රීඩිකාව ලෙස ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි සති 319ක් සිටිමින් සහ අඛණ්ඩව සති 183ක් පසුවෙමින් වාර්තා පොත් අලුත් කර තිබුණි.  මීට අමතරව ඇය ටෙනිස් යුගල තරගවලදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරතා 04ක්, ප්‍රංශ විවෘත ශූරතා 02ක්, විම්බල්ඩන් ශුරතා 06ක්, සහ ඇමෙරිකානු විවෘත ශුරතා 02ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. එමෙන්ම ඇයගේ නම ඉදිරියේ ඔලිම්පික් රන් පදක්කම් 04ක් (2000 වසරේදී යුගල, 2008 වසරේදී යුගල,2012 වසරේදී කේවල සහ 2012 වසරේදී යුගල) වාර්තා වීමද සුවිශේෂීය. 2002 වසරේදී ලොව අංක එකේ ක්‍රීඩිකාව වූ සෙරිනා සමුගන්නා විට ශ්‍රේණිගත කිරීමෙහි හිමි කරගෙන සිටියේ 605වැනි ස්ථානයයි. ඇය ටෙනිස් ක්‍රීඩාවෙන් දිනාගත් සමස්ත තලග මුදල ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 1000කට ආසන්නය.