shawendra-father-dies

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ පියාණන්
වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති එල් . එච්. ක්‍රීසි සිල්වා මහතා 13 දා
අභාවප්‍රාප්ත වී ඇත . මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93 කි .

දිවංගත සුමනා සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී
හා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක
නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා ,

ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ
බැංකු කළමණාකාරිනී නෙරංජනී සිල්වා මහත්මියගේ   ආදරණීය පියාණන් වෙයි.

දිවංගත ක්‍රීසි සිල්වා මහතා වර්ෂ 1989 සිට 1993 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති
තනතුර හොබවා ඇති අතර  ඊට ප්‍රථම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයෙකු
වශයෙන් ද සේවය කර තිබේ.

අභාවප්‍රාප්ත එල්.එච්.ක්‍රීසි සිල්වා මහතාගේ දේහය මේ වනවිට මාතලේ එම්. සී. පාර, රාහුල
මාවතේ අංක 10 දරණ ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
(15) දා පස්වරු 4.30 ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය .