2022 අතුරු අයවැයට අදාළව අද පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටීමට දේශපාලන කණ්ඩායම් කිහිපයක් තීරණය කර තිබෙනවා.
2022 අතුරු අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සජබ තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ ප්රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
විපක්ෂයට ගිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 13 දෙනාද අද ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.
තමා සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 13 දෙනාගේ කණ්ඩායම 2022 අතුරු අයවැයට ඡන්දය නොදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
2022 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් 2022 අගෝස්තු මස 30 වැනි අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පසුගිය දින දෙක තුළ විවාදයට ගැනීමෙන් අනතුරුව 2022 අතුරු අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
0 Comments