අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන අන්දමින් ප්‍රකාශ නිකුත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උඝෝෂණයක් පැවැත්වීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන නීතිඥවරයකුගේ හඬ පට දෙකක් පිළිබඳව පරික්ෂූණ පැවැත්වීම සඳහා රය පරීක්ෂක වාර්තා අධිකරණයට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (08) නියෝගයක් නිකුත් කළේය.
පසුගිය මැයි මස විසි තුන්වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උඝෝෂණය සංවිධානය කිරීම හා අධිකරණ කටයුතුවලට අවහිරයක් සිදුවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව සමාජ මාධ්‍යවල පළවන හඩපටයක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණේ පොලිස්පතිවරයා වෙත බවත් පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් නීතිඥවරයකු බව කියන අයකු සමග පවත්වන දුරකතන සංවාද දෙකක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වී ඇති බවත් ඒ හේතුවෙන් එම හඬපට කාගේ දැයි තහවුරු කරගැනීම සදහා රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
නිමන්ති රණසිංහ
0 Comments