ඉඳහිට අක්ෂර වින්‍යාස දෝෂයක් හෝ තීන්ත පැල්ලමක් සහිත පිළිවෙළකට අතින් ලියන ලද, තරුණ එලිසබෙත් කුමරියගේ ලිපි, කිසිදා රැජින වීමට බලාපොරොත්තු නොවූ දැරියකගේ නොසැලකිලිමත් මුල් ජීවිතය පිළිබඳ ආදරණීය අවබෝධයක් ලබා දෙන බව ඩේලි මේල් පුවත්පතේ ලිපියකින් විස්තර වේ.
වර්තමානයේ ඓතිහාසික ලේඛන බවට පත්ව ඇති මේවා අනාගත රාජාණ්ඩු නායිකාව 1930 ගණන් වලදී කුඩා කල සිටම තමාට තෝරා ගත් එකම මිතුරිය වන සෝනියා ග්රැහැම්-හොඩ්සන් වෙත ලියා ඇති අතර - සමහර ආකර්ශනීය හා අවංක ඡායාරූප සමඟ දැන් ඒවා එම පවුලේ මතක සටහන් බවට පත්ව තිබේ.
මධ්‍යම ලන්ඩනයේ කුඩා එළිසබෙත් විසූ නිවස අසල පෞද්ගලික උද්‍යානයේ ගැහැණු ළමයින් හොප්ස්කොච් ක්‍රීඩා කරමින් සහ හැංගිමුත්තං කරමින් මේ සුවිශේෂ මිත්‍රත්වය ආරම්භ වූ අතර එය දශක ගණනාවක් තිස්සේ පැවතිය එකකි. ඇය රට පුරා රාජකීය නිවාසවල නැවතී සිටින සෑම අවස්ථාවකම මිතුරිය හා සම්බන්ධ වුවාය. 'ලිලිබෙට්' ලෙස හැඳින්වෙන තරුණ එලිසබෙත් කුමරිය තම ආදරණීය මිතුරිය සමඟ සජීවී ලිපි හුවමාරුවක් පැවැත්වූවාය.
ඇයට වයස අවුරුදු දහයේදී ලියන ලද එක් ලිපියක්, ඇගේ ප්‍රියතම සෙල්ලම් පෝනියා වන 'බෙන්' කෙරෙහි ඇය දක්වන සැලකිල්ල පෙන්නුම් කරයි. එලිසබෙත්ගේ මාමා වන අටවන එඩ්වඩ් සිහසුනේ හිමිකාරත්වය අතහැර යාමෙන් පසු ඇගේ පියා හයවන ජෝර්ජ් රජු බවට පත්වූ නිසා මෙම පවුල බකිංහැම් මාලිගයට ගොස් වාසය කළහ.
1937 මාර්තු 7 වන දින ලියා ඇති පරිදි ඇය බෙන්ව රැකබලා ගැනීම ගැන එළිසබෙත් සෝනියාට ස්තූති කළාය.
තම මිතුරියට තේ පානයට ආරාධනා කරමින් තරුණ ලිලිබෙට් මෙසේ ඇසුවාය: 'කරුණාකර, ඔබට "බෙන්" රැගෙන ආ හැකිද? ඔබට එය කළ හැකි නම් ඔබ සමඟ මොහොතක් සිටීම සතුටක් බව මට විශ්වාසයි.'
රෝයල් ලොජ් හි හිම මැද කාර්යබහුල දවසක් ගත කිරීමෙන් පසු කඩිමුඩියේ ලිපිය ලියා ඇති බැවින් ඇය තම මිතුරියගෙන් ලියුමේ අවුල් බව ගැන සමාව දෙන ලෙස ඉල්ලා සිටියාය.
'අපි ඉග්ලූ එකක්, අත් පුටුවක් සහ අයිස් කේක් එකක් හැදුවා' ඇය උද්යෝගයෙන් පවසයි. 1937 අප්‍රේල් මාසයේදී තවත් ලිපියක් ලියමින් ලන්ඩනයට කඩදාසි පාර්සලයකින් යවන ලෙස සෝනියාගෙන් ඉල්ලා සිටී.
ඉන් වසර තුනකට පෙර, 1934 සැප්තැම්බර් 14 වන දින, අට හැවිරිදි කුමරිය, බල්මොරල් වතුයායේ බර්හාල්හි සිට සෝනියාට ලියුවාය, එහිදී ඇය තම දෙමාපියන් සහ ඇගේ සොහොයුරිය වන මාග්‍රට් සමඟ නැවතී සිටි අතර, ඇගේ 'නපුරුකම්' ගැන ඇගේ මිතුරියට පැවසුවාය.
2012 දී වයස අවුරුදු 86 දී සෝනියා මිය ගිය අතර ඇය මියයන තුරුම මුණගැසීම් මෙන්ම ලිපි හුවමාරුව දිගටම කර ගත්හ. ඒ වන විට එලිසබෙත් ඇයව හැඳින්වූයේ ඇගේ විවාහක නම වන බෙරී ලෙසිනි.
සෝනියාගේ දියණිය වික්ටෝරියා, රැජිණගේ මරණින් පසු එම අතීතය සිහිපත් කළාය: 'ඔවුන් ඉතා හොඳින් මිතුරුව සිටියා. ඔවුන් හැකි පමණින් එකිනෙකා දුටු බව මං දන්නවා. මගේ මව මිය යන තුරුම ලිපි හුවමාරු කර ගත්තා.“
පස් හැවිරිදි එලිසබෙත් කුමරිය හදිසියේම හැමිල්ටන් උද්‍යානයේ දී ප්‍රසිද්ධ විකිරණවේදියෙකු වන හැරල්ඩ් ග්රැහැම්-හොඩ්ග්සන්ගේ දියණිය වන සෝනියා වෙත දිව ගොස් ඇයට සෙල්ලම් කිරීමට අවශ්‍ය දැයි ඇසූ දවස මිතුදමේ ආරම්භ වූ බව මව කිවා ඇතැයි ඇය කියන්නීය.
ඔවුන් නැටුම් සහ ලිස්සා යාමේ ක්‍රීඩා සම්බන්ධ පාඩම් බෙදා ගත් බවත්, එකිනෙකාගේ නිවෙස්වල ආහාර ගත් බවත් ඇය මතක් කරයි.
පසු වසරවලදී, කුමරිය සහ ඇගේ එවකට පෙම්වතා වූ ලුතිනන් පිලිප් මවුන්ට්බැටන්, සෝනියාගේ 21 වැනි උපන්දින සාදයට සහභාගී වූ අතර, පසුව ඇය 1947 වෙස්ට්මින්ස්ටර් ඇබේ හි ඔවුන්ගේ විවාහ මංගල්‍යයට ආරාධිතයෙකුද වූවාය.
‘ඇය තවමත් මගේ මවගේ අවසාන මිතුරිය වුණා. ඇයට වයස අවුරුදු 96 දී මියගිය බව ඇත්ත නමුත් ඒ පුවත සාමාන්‍ය ලෙස දැනෙන්නේ නැහැ. එය තවමත් කම්පනයක් . එය යුගයක අවසානය බව නිසැකවම දැනේ. මට හරිම ආඩම්බරයි මගේ අම්මත් ඒ යුගයේ කොටස්කාරයෙක් වීම.'
දියණිය පැවසුවාය.
0 Comments