අද දින සිංගප්පූරුවේදී පවත්වන්නට යෙදුණ ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව හිමි කර ගැනීමට ශ්රී ලංකාව සමත් වුණි. අවසන් තරගයට තේරුණ සිංගප්පූරුව 63ට 53ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ජයග්රහණය අත්කරගන්නා ලදි.
ශ්රී ලංකාව ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාවක් දිනා ගනු ලබන්නේ 6 වන වරටයි.
A කාණ්ඩයේ මූලික වටයේදී ශ්රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 102-14 කින් සහ පිලිපීනය 99-37 ලෙස ජයග්රහණය කිරීමට සමත් විය. අනතුරුව ශ්රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පෙර මැලේසියාව ලකුණු 55-53කට ද, සිංගප්පූරුව ලකුණු 67-49කට ද, හොංකොං පිල ලකුණු 62-51කට ද පරාජයට පත් කළහ.
සිංගප්පූරුව සහ මැලේසියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්රාහකයන් වූයේ සිංගප්පූරුවයි.
ඔවුන් සමඟ ශ්රී ලංකාව සහභාගි වූ අවසන් තරගය මෙසේ නිමා විය.
ශ්රී ලංකාව 1989, 1997, 2001, 2009 සහ 2018 පස් වතාවක් ආසියානු දැල්පන්දු ශූරතාවට හිමිකම් කී අතර මෙවර 6 වැනි වතාව විය.
මීට අමතරව ශ්රී ලංකාව 1985, 2012, 2014 සහ 2016 දී සිව් වතාවක් අනුශූරයන්ද විය.
0 Comments