sri-lanka-food-crisis

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කරතාවලට මුහුණදීම සඳහා සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟහැරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට තවමත් පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාරිතාවේ සඳහන් වේ. ශ්‍රී ලංකිකයන් ලක්ෂ 63 ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 34 කට ජුලි සිට දෙසැම්බර් දක්වා සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් හයකෝටි තිස් ලක්ෂයක මුදලින් තවමත් ලැබී ඇත්තේ ඩොලර් දෙකෝටි දහතුන් ලක්ෂ  පනස් දහසක මුදලක් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.



ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලාංකිකයන් තවමත් පීඩා විඳින බවත් කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තතාවේ සදහන් වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ සියයට 60.8 ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64.3 දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ඉන්ධන හිගය දේශීය වෙළෙඳපොළේ සැපයුම් දාමයට බාධා එල්ල කර ඇති අතර වෙළෙඳපොළේ දේශීය භාණ්ඩවල මිලට එමගින් පීඩනයක් එල්ල වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
විමුක්ති එස් රුද්‍රිගු