අද (9) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයෙන් පකිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් පකිස්තානය ලබාගත් ලකුණු 120 අභිබවන්නට ශ්‍රී ලංකාවට 17 පන්දු ඕවරයේදී හැකිවිය.
මෙම ජයග්‍රහණය සමග සුපිරි 4 වටයේ සියලු තරග ජයගත් එකම කණ්ඩායම බවට පත්වෙමින් ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාව සමත්වූ අතර නැවත පකිස්තානය සමග ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට පෙරහුරුවක් ලෙස අද පැවති තරගයද ජයගැනීම නිසා යහපත් මානසිකත්වයෙන් අවසන් තරගයට මුහුණදෙනු ඇත.
කෙසේ වෙතත් අද පැවති තරගයේදී ලකුණු අතර සිටින ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා මුල් ඕවරයේදීම දැවීයාම යහපත් ලක්ෂණයක් නොවීය.
0 Comments