sri-lanka-small-hotels-closed

රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ පාන්පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පින් මහතා පැවැසීය. මෙයට අමතරව රජයේ ආයතන සහ පාසල්වල ආපනශාලාවලින් හරි අඩක් පමණ ද පාන් පිටි, බිත්තර, මස්, මාළු හිගය හේතුවෙන් වැසී ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය. රට පුරා රාජ්‍ය ආයතනවල ආපනශාලා 3,000ක් පමණ ද පාසල්වල ආපනශාලා 4,600ක් පමණ ද ක්‍රියාත්මක විය.

එමෙන්ම, උත්සව සඳහා (විවාහ මංගල්‍ය, දාන ගෙවල්, මළ  ගෙවල් සහ පිරිත් ගෙවල්) ආහාරපාන සැපැයීම් සේවා ද (කේටරීන්) පාන් පිටි, බිත්තර, මස්, මාළු හිගය හේතුවෙන් සම්පුර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි පැවැසු අසේල සම්පත් මහතා, තුනපහ ඇතුළු ආහාර රස කරන ද්‍රව්‍යවල අධික මිල ගණන් ද මේ තත්වයට තවත් ප්‍රධාන හේතුවක් බව ප්‍රකාශ කළේය.

තව ද ගෘහාශ්‍රිතව පාන් පිටි හා බිත්තර ආශ්‍රිතව කේක්, පුඩින්, වටලප්පන් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ 60,000කට පමණ වැඩි පිරිසක් ද අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් එම නිෂ්පාදන නැවතී මහමගට වැටී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.මේ අතර, ඩොලර්වලට බල නොපාන තැඹිලි ගෙඩිය, ක

ෙසෙල්, පලා මිටිය, පලතුරුවල හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන අසාධාරණ වෙළෙඳ මාෆියාවක් අද රටේ ක්‍රියාත්මක වන බවත්, පාරිභෝගික භාණ්ඩ පාලනයට නිශ්චිත මිල නියාමනයක් නොමැති වීම මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතූව බවත් ඔහු සදහන් කළේය. යම් පුද්ගලයකු හරිහම්බ කරන මුදලට වඩා වැඩි මුදලක් ආහාර සඳහා වැය කිරීමට අද සිදු වී ඇති බව පැවැසූ සම්පත් මහතා, වෙළෙඳ මාෆියාවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

-සුජිත් හේවාජුලිගේ -