ආසියානු දැල්පන්දු ශුරතාව සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය වන හයසින්ත් විජේසිංහ මහත්මිය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂි වික්ටෝරියා මහත්මිය සමග බහින්බස් වී තිබේ.
ඒ අවසන් ක්‍රීඩිකාවන් 12ට ඇතුළත්ව ඇති අතිරේක ක්‍රීඩිකාවක් ඇතුළත් කර දෙන ලෙස කළ බල කිරීමක් හේතුවෙනි. කෙසේවෙතත් එම ඉල්ලීම ලෙස ප්‍රතික්ෂේපෙ කර ඇති දැල්පන්දු සභාපතිනිය, කණ්ඩායමට ක්‍රීඩිකාවන් 12ක් නම්කර ඇත්තේ, පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් 07 දෙනා සමග මාරු කිරීම් (Changes) කිරීමට බවත්, අතිරේක ක්‍රීඩිකාවන් කණ්ඩායමට කැඳවීමට කිසිදු බලයක් නොමැති බවත් පවසා ඇත.මේ සම්බන්ධයෙන් අප දැල්පන්දු සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියගෙන් කරුණු විමසූ අතර,
ඇය පවසා සිටියේ ජාත්‍යන්තර දැල්පන්දු සමේලනය ලබාදුන් කෝවිඩ්-19 ක්‍රීඩිකාවන් ආදේශක ලෙස පමණක් අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනෙකු මෙම සංචාරයට රැගෙන ගිය බවයි. එම ක්‍රීඩිකාවන් කණ්ඩායමට ආදේශ කළ හැකි වනුයේ ක්‍රීඩිකාවන්ට කෝවිඩ්-19 වැලඳුණහොත් පමණක් බවද සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියාය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරගය තායිලන්තය සමග ඊයේ (01දා) පස්වරු 4.00ට සිංගප්පූරුවේ ඕසීබීසී එන්නා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණ.
(පැතුම් ශ්‍රී විජේරත්න)
0 Comments