udaya-gammanpila-speaks

 පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී  පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මෙසේ කීවේය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක මිරිකී සිටීම හේතුවෙන් බෙදුම්වාදීන් තමන්ගේ මනදොළ සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හරහා වෑයමක් දැරීමේ ප්‍රබල අවදානමක් තිබෙනවා. රටක් අමාරුවේ වැටුණු වෙලාවට එයින් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ දැරීම ඉතාමත් අසාධාරණයි.


මානව හිමිකම් සභාවේ සාමාජිකයන් 47 කි. එයින් තුනෙන් එකක් සෑම වසරකම අලුතින් පත් වෙනවා. ඒ රටවල් පෙර වසරවලදී සම්මත වූ යෝජනාවලදී ඡන්දය දුන් ආකාරයත් ශ්‍රී ලංකාවට ඡන්දය දී නැති රටවල් වෙනත් ඡන්දවලදී කාට පක්ෂවද කටයුතු කළේ කියන කරුණත් අධ්‍යයනය කළාම මෙවර ඡන්දය පිළිබඳ අදහසක් අපිට ඇතිකරගන්න පුළුවන්.

ඇත්තෙන්ම අද තිබෙන තත්ත්වය වෙනස් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. සිදුවෙමින් පවතින දේවල්වල අවදානම අපි කලින්ම දැක්කා. මේ ආර්ථික අර්බුදයට රට ගෙනයාමේ යටි අරමුණු වන්නේ රාජ්‍ය දේපොළ තුට්ටු දෙකට විකුණා දැමීම, ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ හා ශ්‍රී ලංකාව කැබලි කිරීමේ බටහිර න්‍යාය පත්‍රයට අවශ්‍ය පසුබිම සකස් කිරීම බව අපි පෙන්වා දුන්නා.
නමුත්, අවාසනාවකට ආණ්ඩුවේ පාලකයෝ ඊට ඇහුම්කන් දුන්නේ නැහැ. අපි අනතුරු අඟවපු ඒ බියකරු සිහිනය සැබෑ වෙමින් පවතිනවා.