zimbabwe-cow-culture

ශ්‍රී ලංකාව හා සමාන ලෙස ලෝකයේ අධිකතම උද්ධමනය ඇති රටක් වන සිම්බාබ්වේහි නවතම මූල්‍ය ප්‍රවණතාවයන් ගැන එරට මාධ්‍ය තුළ ප්‍රවෘත්ති පළවී තිබේ. අධික උද්ධමනය නිසා කැළඹී සිටින ජනතාව මුදල් බැංකුවල තබා ගැනීම වෙනුවට ඔවුන් එළදෙනුන් සහ මී හරකුන්ට මුදල් ආයෝජනය කරන්නේ යයි එම වාර්තා සඳහන් කර තිබේ. ප්‍රවීණයන් පවසන්නේ එරට සංස්කෘතිය අනුව එම ආයෝජනය රත්තරන් වලට වඩා හොඳ බවයි.



සිම්බාබ්වේ ආර්ථිකයේ දුර්වල තත්ත්වය මිනිසුන් ආයෝජනය කරන ආකාරය වෙනස් කර ඇත.පසුගිය වසර 20 තුළ බොහෝ දෙනෙකුට බැංකුවල තැන්පත් තිබුණත් ඉන් විශ්‍රාම සුවයක් ලද නොහැකි විය. මුදල් අහිමි විය.

පසුගිය ජුනි මාසයේදී ද එරටෙහි උද්ධමන අනුපාතය වාර්තාගත ලෙස 192%ක් ලෙස සටහන් විය. බැංකුවල මුදල් තබා ගැනීමත් තැන්පතු අඩුවීම නිසා ජනතාවට බැංකු කෙරෙහි විශ්වාසය නැතිව ගිය අතර ඇතැමුන් තම ආයෝජන ඉතිරි කර ගැනීමට ආරක්‍ෂිත ක්‍රම සොයන්නට විය.
 ගවයන් සඳහා කරන ආයෝජනය ඔවුන්ට වාසිදායක බව ඔප්පුවී තිබේ.

සිම්බාබ්වේහි, දළ දේශීය නිෂ්පාදිතයෙන් 35% සිට 38% දක්වා ප්‍රමාණයක් පැමිණෙන්නේ ගව මූලික අංශයෙන් වන අතර,


විශේෂඥයන් එය රත්‍රන් වලට වඩා හොඳ විකල්පයක් ලෙස හඳුන්වයි. විශේෂත්වය වන්නේ මීට කලකට පෙර රජය විසින් රන් කාසි එළිදැක්වීමයි. එම කාසි මිලදී ගැනීමට ජනතාව උනන්දු වී නැත. දකුණු අප්‍රිකානු රටක් වන සිම්බාබ්වේ තම සංචිත වැඩි කර ගැනීම සඳහා ගවයින් සඳහා ආයෝජනය කිරීමේ පැරණි සම්ප්‍රදායක්ද ඇත. එරට එඩ්වර්ඩ්ස් සමාගම ගවයින් සඳහා ආයෝජනය කිරීමේ  ඒකක භාර ආයෝජන අරමුදලක් නිර්මාණය කර ඇත.
දේශීය මුදල් භාවිතා කරමින් ගව ආයෝජන අරමුදල් සඳහාද ආයෝජනය කරයි. සතුන් සඳහා ආයෝජනය කිරීම අවදානමක් ඇති වැඩකි. නමුත් උද්ධමනය හේතුවෙන් බැංකුවල තබා ඇති මුදල් නිෂ්ඵල විය හැකි නිසා ඊට වඩා වාසියක් හා විශ්වාසයක් ඇත.
නියඟය හෝ රෝග පැතිර ගියහොත් සතුන් සඳහා කරන ආයෝජන විනාශ විය හැකි බව එම අවදානමයි.