15-fixed-deposits-down

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වැඩි වාසි අත්කරදුන් ස්ථාවර තැන්පතු ක්‍රමයක්වූ සියයට 15 ක් ලබාදෙන ගිනුම් අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.


 මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීර්ඝ නොකරන බව දන්වා ඇත.
පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහද විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ගැන දන්වා සිටියේය.
රටේ ආර්ථිකයට එයින් විශාල දායකත්වයක් නොලැබෙන බව පැහැදිලි කර තිබුණි.

වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වාණිජ බැංකු කටයුතු කර තිබෙන්නේ වසර ගණනාවක සිටය.කල්පිරුණු පසුව එම ස්ථිර තැන්පතු නැවත දිර්ඝ නොකරන බව වාණිජ බැංකු සදහන් කරයි.


මේ දිනවල අනෙකුත් ස්ථාවර තැන්පතුවල සියයට 17 ක පමණ පොලී අනුපාතයක්ද විශේෂ ස්ථාවර තැන්පතු වල
20-30 අතර විශාල අගයකින් පොලී අනුපාතයන් සඳහන්කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විකල්පයක් ලෙස ඒවාට මාරු විය හැකිය.
කෙසේ වෙතත් එම පොලී අනුපාතයන් නුදුරේදීම පහත හෙළන බව මුදල් ඇමති ලෙස ජනපතිවරයා සඳහන් කර තිබුණි.