අද දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූවත් පසුගිය දිනවල කතාබහට ලක්වූ පරිදි පොහොට්ටුවේ බහුතරයක් 22 වන සංශෝධනයට විරුද්ධවන බව කියා තිබුණි. ඒ බැසිල් රාජපක්ෂට පක්ෂපාතී කන්ඩායමයි.
අද 22 වන සංශෝධන පනත සම්මත වීම සැබැවින්ම මේ අයගේ කැමැත්තට සිද්ධවූවක් නොවීය.


මේ අය අද ඡන්දය දුන්නේද නැති අතර අද දින පරාජය ගැන ඉව වැටුණ පසු ඇතැමුන් විදේශගතවීමට රෝහල්ගතවීමට හෝ ඇතැමුන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්තාව මගහැරීමට කටයුතු කර තිබුනි.
ඒ කෙසේ වෙතත් අවසානයේදී හෙලිවූයේ පොහොට්ටුවේ පසුපෙළ බහුතරය යයි කියා ගත් එම බැසිල්ගේ පිරිස මුළුගණන 25 දෙනෙකු පමණක් බවයි.මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ද ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාව මගහැර ගියේය.

මෙම ප්‍රතිඵලය සමග ආණ්ඩු පක්සයේ රනිල් හිතවාදී පිල වැඩිවීම හා රාජපක්ෂ හිතවාදී කඳවුර ඇදවැටීම පෙන්නුම් කර තිබේ.
22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දය ලබා දී නැති 25 දෙනා සහ ඒ සඳහා හේතු වශයෙන් පෙන්වූ කාරනා පහතින්


  1. ප්‍රසන්න රණතුංග- විදේශගත
  2. මහින්ද අමරවීර  - විදේශගත
  3. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - විදේශගත
  4. සිරිපාල ගම්ලත් - විදේශගත
  5. අනුරාධ ජයරත්න - විදේශගත
  6. වෛද්‍ය සීතා අරඹේපොල  - විදේශගත
  7. රෝහිත අබේගුණවර්ධන - විදේශගත
  8. ධම්මික පෙරේරා - විදේශගත
  9. එස්. එම්. එම්. මුෂාරෆ් - විදේශගත
  10. මේජර් ප්‍රදීප් උදුගොඩ - විදේශගත
  11. නිපුන රණවක - විදේශගත
  12. විමලවීර දිසානායක - රෝහල්ගත
  13. සහන් ප්‍රදිප් විතාන -රෝහල්ගත
  14. ජයන්ත වීරසිංහ- අසනීප
  15. ජනක බණ්ඩාර තෙන්නකෝන්  - අසනීප
  16. එස්. එම්. චන්ද්‍රස්න - අටමස්ථානාධිපති හිමි ආදාහන වැඩ
  17. ජොන්ස්ටන් ප්‍රනාන්දු  - අධිකරණ කටයුත්තක්
  18. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා - සොහොයුරාගේ විවාහ උත්සවය
  19. මහින්ද රාජපක්ෂ -හේතු නොදන්වා මගහැරිම
  20. සනත් නිශාන්ත -හේතු නොදන්වා මගහැරිම
  21. ගාමිණී ලොකුගේ -හේතු නොදන්වා මගහැරිම
  22. පවිත්‍රා වන්නිආරච්චි -හේතු නොදන්වා මගහැරිම
  23. සාගර කාරියවසම් -හේතු නොදන්වා මගහැරිම
  24. ජයන්ත කැටගොඩ -හේතු නොදන්වා මගහැරිම
  25. සංජීව එදිරිමාන්න -හේතු නොදන්වා මගහැරිම