Criticism-of-Romina-the-26-year-old-girl-who-became-Swedens-environment-minister

ස්වීඩනයේ නව සභාග ආණ්ඩුවේ 26 හැවිරිදි තරුණ නායිකාවක වන රොමිනා පුර්මොක්තාරි දේශගුණික හා පාරිසරික කැබිනට් අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.   ඉතිහාසය වෙනස් කරමින් ස්වීඩනයේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරිය බවට ඇය පත්විය.
කෙසේ වෙතත් රොමිනාට පරිසරය වැනි වැදගත් අමාත්‍යංශයක් ලබාදීම ගැන බොහෝ කතාබහට ලක්ව තිබෙයි.
නව අගමැති උල්ෆ් කිස්ටර්සන් අඟහරුවාදා කැබිනට් නාමයෝජනා ප්‍රකාශයට පත් කළේය. ස්වීඩනයේ පසුගියදා පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික සන්ධානය ජයග්‍රහණය කර ඇත. රොමිනා මීට පෙර පක්ෂයේ තරුණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළාය. මෙවැනි විශේෂ තැනක් ලබාදීමට එය ඉවහල් විය.



ස්වීඩන මාධ්‍ය පවසන පරිදි රොමිනා ලිබරල් පක්ෂයේ තරුණ අංශයට සම්බන්ධ වී ඇත්තේ මීට වසර කිහිපයකට පෙරය. නමුත් ඇය නව ආණ්ඩුවේ මෙතරම් ඉහළ තැනකට පැමිණීම කිසිවෙකු අපේක්සා කර නැත.
ඇගේ පෞද්ගලික හෝ වෘත්තීය පැතිකඩෙහි දේශගුණය හා පරිසරය සම්බන්ධ ගැටළු ගැන සඳහනක් නොමැතිවීම නිසා ඇයට මෙම විෂය නොතේරෙන බව විවේචනවලින් කියැවේ.
මේ හැරුණු විට තවත් සිත්ගන්නා කරුණක් වන්නේ රොමිනා වරක් අගමැති කිස්ටර්සන්ගේ විශාල විවේචිකාවක් වීමයි. අගමැති ස්වීඩන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් පැමිණි අතර ඩිමොක්‍රටික් පක්ෂය සමඟ ඇතිකරගත් සන්ධානයට ඇය කලකට පෙර සිටම විරුද්ධ විය.
රොමිනා හදිසියේ ප්‍රාදූර්භූත වීමද එක් විවේචනයකි.
යන්තම් වසර දෙකකට පෙර, රොමිනා සමාජ මාධ්‍යවල ලිවුවාය  මාධ්‍ය වාර්තාවලට අනුව රොමිනා මුලින් ඉරානයේ පුරවැසියෙකි. කෙසේ වෙතත්, ඇය උපත ලැබුවේ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම් හි ය. මෙයට පෙරද ස්වීඩනයේ වයස අවුරුදු 30ට අඩු තරුණ ඇමතිවරයෙක් සිට ඇති නමුත් ඇය ලාබාලම කෙනා බව පැවසේ.



දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ද ස්වීඩනයේ  දේශගුණික විපර්යාසයන්ට එරෙහිව මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් බලමුලු ගැන්වූ අතර ලෝක නායකයින් සමඟ ප්‍රශ්නය මතු කළ තැනැත්තියකි. ග්‍රේටා තුන්බර්ග් මෙම පත්කිරීම හාස්‍යයට ලක් කර ඇත.