රට විශාල මූල්‍ය අගාධයකට ඇද වැටී ඇත. ඔබ අප සියලුදෙනා මේ මොහොතේ අර්බුදකාරී තත්වයක් මැද ජීවත් වන්නේ එහෙයිනි. මේ අතරම ඊළඟ මැතිවරණය පැවැත්වීම පිළිබඳව හාවක් හූවක් කනින් කොණින් මතුවෙමින් තිබේ. එමෙන්ම පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතරද මේ පිළිබඳව සාකච්ඡාවක් පැවතිණි. කෙසේවෙතත් රට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට හැකිද? ඒ සඳහා වැය වන වියදම කොපමණද එය රටට දරාගත හැකිද යන්න මහත් ගැටලුවකි.
මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි දැක්වූ අදහස් ඇසුරන් මෙම ලිපිය සකස් වී ඇත.
අවසානයට පවත්වූ 2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා සම්පුර්ණ වශයෙන් වය වී තිබෙන වියදම රුපියල් මිලියන පන්දහස් හත්සිය විස්සකි. වර්තමානයේ රටේ තිබෙන උද්ධමන ස්වරූපය මේ ආකාරයෙන්ම පැවතියහොත්, ඊළගට පැවැත්වෙන මැතිවරණය සදහා අවම වශයෙන් රුපියල් මිලියන අටදහසත්, දසදහසත් අතර මුදලක් වැය විය හැක. සාමාන්‍යයෙන් මැතිවරණයකදී වැය වන වියදම්වලින් අතිබහුතරයක් හෙවත් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් වැය වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ දීමනා ගෙවීම සදහාය. කෙසේවෙතත් රටේ වත්මන් ආර්ථික තත්වය හමුවේ මැතිවරණයක් සදහා වැය වන මුදල දරා ගැනීමට හැකිවිද යන්න විශාල ගැටලුවකි. නමුත් මැතිවරණය සදහා වැය වන මුදල අවම කර ගනිමින් මුදල් ඉතිරි කර ගැනීමට හැකි ආකාර කිහිපයක් පිළිබදවද මෙහිදී අප අවධානය යොමු කළ යුතුය.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සතියේ දිනක පැවැත්වුවහොත් යන වියදමින් සටහන මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. සාමානයයෙන් මැතිවරණයක් පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනයන්හිදීය. ඡන්ද ගණන් කිරීම අවසන් වනුයේ ඉරිදා දිනයේදීය. මෙහිදී රාජ්‍ය සේවකයන්ට එම දීමනා ගෙවීම සදහා අතිවිශාල මුදලක් වැය වන බැවින්, රටේ වත්මන් ආර්ථික තත්වය පිලිබදව සිතා මැතිවරණය සතියේ දිනක පැවැත්වුවහොත්, එයින් සැලකිය යුතු මුදලක් නිසැකවම ඉතිරි වේ. තවද ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සමග සාකච්ඡා කර යම් ආකාරයකට සේවයක් මැතිවරණයේදී ඔවුන්ගෙන් ලබාගත හැකි නම් එහිදීද යම් මුදලක් අපට ඉතිරි කරගත හැකිය. මෙය රජය මැදිහත් වී ක්‍රියා කළහොත් මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීමට ඉදිරිපත් විය හැක. රටේ මිනිසුන්ගේ මාසික වියදමද,
ආදායමට වඩා දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති මොහොතකත් එම ඉල්ලීමට යම් ආකාරයකට දායක විය හැකි පිරිසක් සිටිවි යැයි විශ්වාස කළ ඡන්ද පත්‍රිකා (ballot paper) සඳහා අවශ්‍ය කඩදාසි සාමාන්‍යයෙන් විදෙස් රටවලින් ආනයනය කර මුද්‍රණය කරයි. ඒ සදහාද අතිවිශාල මුදලක් වැය වේ. නමුත් ඉදිරී මැතිවරණයේදී ඒ සඳහාද යා හැකි විකල්ප විසඳුම් පිළිබදව සිතීමට දැන් කාලය පැමිණි තිබේ. එමෙන්ම ඇගිලි පාට කිරීම සඳහා තීන්ත ගන්වීමේදීද සැලකිය යුතු මුදලක් වැය වේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමේදී හැදුනුම්පත අනිවාර්ය වූ පසුව තීන්ත භාවිත කිරීම අවශ්‍ය ද යන්න පිළිබදවද මෙහිදී නැවත සිතා බැලිය යුතුය. හැදුනුම්පත අනිවාර්ය වීමත් සමගම "හොර ඡන්ද'' අඩු වී ඇත. එමෙන්ම පහුගිය මතිවරණවලදීද තීන්ත ඇත්තටම ඕනද යන්න පිළිබදව මැතිවරණ කොමිසමේද අවධානය යොමු වී තිබිණි. තවද මතිවරණ පැවැත්වෙන කාලය තුළදී පොලීසියේ ඇතැම් වියදම් දරනුයේද මැතිවරණ කොමිසම විසින් ඡන්දය සදහා වෙන් වුණු මුදලිනි. විශේෂයෙන් පොලිස් වාහනවලට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් වියදම් බොහෝමයක් මැතිවරණ කොමිසම මගින් දරන බව අප සමග අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය. එහිදී ඔහු සදහන් කළේ එම වියදම්ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකි බවයි.
එමෙන්ම එම අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් එකගතාවයකට අනුව සිදුකළ යුතුය. ඡන්ද දිනයන්හිදී වැය වෙන විදුලිය ඉතිරී කර ගැනීම පිළිබදවද මෙවර සිතා බැලිය යුතුය. ජෙනරේටර් පද්ධති සදහාද දිස්ත්‍රික් වශයෙන් විශාල මුදලක් වැය වේ. විශේෂයෙන් රාත්‍රී කාලය තුළදී ඡන්ද ගණන් කිරීම් කටයුතු සිදුවන නිසා මෙම තත්වය ඇති වේ. නමුත් එදිනම ඡන්ද ගණන් නොකර දිවා කාලයකදී ගණන් කිරීම කළහොත්, එහිද යම් ආකාරයක ඉතිරියක් ලබාගත හැක. නමුත් මෙය මැතිවරණයෙන් මැතිවරණයට අනුව වෙනස් විය හැක. මැතිවරණයක් පැවැත්වීමට යන වියදම දරාගත නොහැකි නම් එය පැවැත්වීමට හැකි තවත් ආකාරයක් ලෙස විදෙස් ආයතනවලින් මුදල් ලබාගෙන මැතිවරණය පැවැත්වීම දැක්විය හැක. විවිධ ජාත්‍යන්තර ආයතනවලින් (UN) විවිධ රටවල විවිධ මැතිවරණ අවස්ථාවලදී මුදල් ලබාගත මැතිවරණ පවත්වා තිබේ. නමුත් රටක් ලෙස අප එවැනි තත්වයකට ඇදවැටීම එතරම් සුබදායක නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් මිලක් වැය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ලාභයට ගත හැකි යයි කිව නොහැක. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සදහා වැයකරන මුදලින් ප්‍රයෝජනයක් ගන්නවාද යන්න නැවත සිතා බැලිය යුතු කරුණකි.
ජනතාව ඡන්දයෙන් තේරී පත් කර ගන්නා ජනතා නියෝජිතයා ජනතාවට සේවය කරනවාද, ජනතාව හරී නියෝජිතයාවද පත් කර යවන්නේද යන්න දෙස අවධානය යොමු කළ යුතුය. සාමාන්‍යයෙන් ලංකාවේ ජනතාවගෙන් දෙදහස් දෙසිය විසිපහකට එක් අයෙකු ලෙස මහජන නියෝජිතයන් සිටියි. අප විශාල මහජන නියෝජිතයන් ප්‍රමාණයක් නඩත්තු කරමින් සිටියි. ඔවුන්ව පත් කරගත්තටද විශාල වියදමක් ජනතාව විසින් දරනු ලබයි. මේ අය පත් කරන්නට යන වියදමත්, නඩත්තු කරන්නට යන වියදමත් සමග ජනතාවට නිසි ප්‍රතිලාභයක් නොලැබෙන බව මේ වන විට පසක් වී තිබේ. ලංකාව කුමන තත්වයක තිබුණත්, ජනතා නියෝජිතයන් පත් වී තිබෙන්නේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය හරහාය. නමුත් වත්මන් අපට දැකිය හැකි වන් ඩීල් ප්‍රජාතන්ත්‍රවාදයකි". එම ක්‍රමය රටේ යහපැවැත්මට සුබ නොවේ. නමුත් එසේ යැයි පවසා රටක මතිවරණය පැවත්වීම කල් දැමීමද කළ නොහැක. දැනට පළාත් සභා මැතිවරණිය අවුරුදු හතරක් කර දමා තිබේ. පළාත් පාලන මැතිවරණය වසරක් කල් දමා තිබේ. නමුත් එයද දත් ඕනෑම අවස්ථාවකදී පැවැත්විය හැක.
ගමේ වන විට රටේ ජනතාවගේ පැත්තෙන් සංවාදය තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබදවය. එයද ලබන පෙබරවාරී මාසයෙන් පසුව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පැවත්විය හැක. රටේ මූල්‍ය ප්‍රශ්නයක් තිබෙන බවත්, මතිවරණයකදී වැයවන අධික වියදම පිළිබදවත් සිතා මැතිවරණයක් කල් දැමීම කිසි ලෙසකත් සිදු නොවිය යුත්තකි. එය එසේ කර දැමුවහොත් ඉතා නරක ලෙස භාවිත විය හැක. ජනතාව තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රතිචාර දැක්වීමට යා හැකිය. ඒ හරහා රටේ නීතියේ ආධිපත්‍යය බිදවැටිය හැක. නීතියේ ආධිපත්‍යය බිදවැටුණු පසුව ආර්ථිකය ගොඩනැගීමට හෝ මැතිවරණෙ ප්‍රජාතන්ත්‍රවාදයක් සෑදීමට හෝ කිසිවක්ම කර ගැනීමට නොහැකි වනු ඇත. නීතියේ ආධිපත්‍යය බිදවැටීම තුළින් රට විශාල අගාධයකට යා හැක. එබැවින් නීතියේ ආධිපත්‍යය බිඳ නොවටන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කරගෙන ජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීමකි.
(කැළුම් දේවින්ද)
0 Comments