anna-sorokin-story

එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර හෝටල්, ආපනශාලා, බැංකු ඇතුළුව ඉහළ පැළැන්තියේ බොහෝ පිරිසක් රවටමින් ඩොලර් ලක්ෂ 2කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට සහ වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටි සුප්‍රකට ඇනා ඩෙල්වේ හට ඇප ලබාදීමට එරට ආගමන විගමන බලධාරින් පසුගියදා තීරණය කර තිබේ.ඇයට එරෙහිව එල්ල වූ මෙම චෝදනා යටත් 2017 වසරේදී ඇය අත්අඩංගුවට පත්වූ අතර,

2019දී නිව්යෝක් නුවර අධිකරණය මගින් වසර 12ක සිරදඩුවමකට ඇය යටත් කෙරිණි. මුදල් වංචාවට අමතරව පෞද්ගලික ජෙට් යානයක් සොරකම් කිරීම් චෝදනාවක්ද ඇයට එල්ල විය. එහෙත් 2021 වසරේදී ඇය පෙන්නුම් කළ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් වසර හතරක සිරදඩුවමකට පසුව ඇය නිදහස් කෙරිණි. එහිදී ඇය ඉදිරිපත් කළ වාචික ප්‍රතිඥාවද හේතුවක් විය.කෙසේ වෙතත්, 2021 වසරේදී ඇයට එරෙහිව එක්සත් ජනපද වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවක් එල්ල වූ අතර, පසුගියදා ඇය ඩොලර් 10,000ක අප මත නිදහස් වූයේ මෙම චෝදනාවකි.

ඒ අනුව ඉදිරියේදී අය එක්සත් ජනපදයෙන් ජර්මනිය වෙත පිටුවහල් කිරීමක් සිදුවනු ඇතයි සදහන් වෙයි.

31 හැවිරිදි වියේ පසුවන ඇනා රුසියාවේ උපන් තැනැත්තියක් වන අතර, හැදීවැඩී ඇත්තේ ජර්මනියේදීය. ඇයගේ මුල් නම ඇනා සොරොකින්ය. එහෙත් ඇය සමාජය ඉදිරියේ පෙනී සිට ඇත්තේ Ann Delvey යන නමිනි. ඇය මෙම වංචාව ආරම්භ කර ඇත්තේ තම ජර්මනියේ ඩොලර් මිලියන 60ක වත්කමක් සහිත ඉතා ඉහළ පැළැන්තියකට අයත් පවුලක සාමාජිකාවක් බව පවසමිනි. එහිදී ඇය තම නමින් පිහිටුවාගත් පදනමක් (Anna Delvey Foundation) වෙනුවෙන් මෙම මුදල් රැස් කරගෙන තිබේ.

එහි එක් අවස්ථාවක් ලෙස ඇය 2017 වසරේදී එක්සත් ජනපදය වෙත පැමිණි ඇති අතර, සිය පදනම පිහිටුවීමට බව පවසමින් මෙලෙස නිව්යෝර්ක් නුවර ඉහළ පන්තියේ ධනවතුන් රවටමින් මුදල් ලබාගෙන ඇතැයි පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව, සිය කටයුතු වෙනුවෙන් ඇය විවිධ හෝටල්, ආපනශාලා, පෞද්ගලික ජෙට් යානා මෙහෙයුම් සිදුකරන ආයතන සහ බැංකු පවා රවටමින් ඔවුන්ගෙන් විවිධ සේවා සහ ණය ලබාගැනීම් සිදුකර තිබේ.මේ අතරින් නිව්යෝක් නුවර සිටි නැෂනල් බැංකුව මගින් ඇයට ඩොලර් ලක්ෂයක ණයක් ලබාදී ඇති අතර, අය එම මුදලින් ඩොලර් 40,000ක් මාසයක් තුළ සුබෝපෙභෝගී හෝටල් සහ ඇදුම් වෙනුවෙන් වියදම් කර තිබේ. එසේම සුප්‍රසිද්ධ Vanity Fair සගරාවේ ඡායාරූප සංස්කාරකවරිය වෙත ඇය ඩොලර් 62,000ක බිලක් ගෙවීමට නියමිතව තිබී ඇත. එහෙත් ඇය මේ සේවාවන් සදහා කිසිදු ගෙවීමක් සිදු නොකිරීමත් සමග විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා යටතේ මෙලෙස 2017 වසරේදී ඇය අත්අඩංගුවට පත්විය.

එසේම ඇය පෞද්ගලික ජෙට් යානාවක් සොරගත් බවටද චෝදනා එල්ල විය.

තවත් චෝදනා බොහෝමයක්ම ඇයට පවතී. මේ කටයුතු අතරතුරදීම ඇය තමන් වයස අවුරුදු 20 ගණන්වලදී ගතකළ ජීවිතය සම්බන්ධයෙන් බොරු ගොතා පෙන්වමින් Netflix ස්ට්‍රීමිං අන්තර්ජාල සේවාව හරහා විකාශය කිරීම සදහා නිපදවන කතා මාලාවක් වෙනුවෙන් සිය ජිවිත කලාව අලවී කර ඇත. අවසානයේදි එය Inventing Anna ලෙසින් විකාශය කෙරිණි. එහි ප්‍රධාන චරිතය රගපෑවේද ඇයයි. මෙම සිදුවීමත් සමගින්ම Netflixඑය සිය ලයිස්තුවෙන් ඉවත් කර තිබේ. මේ අතර අධිකරණය හරහා දඩුවම්  ලබමින් සිටියදී 2020 වසරේදී ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය තමන් සිදුකළ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පවසා සිටියාය. 2021 වසරේදී ඇය චෝදනාවලින් නිදහස් කිරීම සඳහා සිදුකළ වාචික ප්‍රතිඥාවේදී පවසා සිටියේ. "මට කියන්න ඕනේ මම කළ දේ ගැන මම ලැජ්ජාවට පත්වෙනවා. ඒවගේම මම කළ කී දේ ගැන සමාවන්න.” යනුවෙනි.

"කරන්නේ වැරදි වැඩක් කියලා තේරුම් නොගෙන මම සිදුකළ මේ දේවල් නිසා බොහෝ දෙනෙක් දුකට පත්වුණා කියලා මට දැන් සම්පුර්ණයෙන්ම තේරෙනවා." යනුවෙන්ද ඇද මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව ඇයව නිව්යෝක් නුවර අධිකාරණය මගින් මෙම මුදල් වංචා චෝදනාවලින් නිදහස් කළද, ඉන් වසරකට පසුව එක්සත් ජනපද ආගමනවිගමන සහ රේගු බලාත්මක කිරිමේ නීතිය යටතේ ඇයට යළිත් චෝදනා ගොනු කෙරිණි. ඒ 2017 වසරේ සිට ඇය වීසා නීති උල්ලංඝනය කරමින් එක්සත් ජනපදයේ රැදී සිටි බව පවසමිනි. කෙසේ වෙතත්, පසුගියදා ඇයට ඇප මත නිදහස ලබාදීමට අධිකරණය පියවර ගැනීමත් සමග ඇයව එක්සත් ජනපදයේ පිටුවහල් කිරීමට දැන් කටයුතු යොදා තිබේ. සිය පිටුවහල් කිරීම වළක්වමින් මීට පෙර ඇය අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමක්ද සිදුකර තිබුණි.



එහෙත් අධිකරණය ගත් මෙම නවතම තීරණයට අනුව ගුවන් මගින් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ටි නුවරට පිටුවහල් කිරීමට නියමිතව ඇත. එතෙක්, ඇය මැන්හැටන්හි ඇගේ නිවසේ නිවාස අඩස්සියට පත්කර තිබේ. එහිදී ඇයගේ වලලුකරට පටියක් යොදා ඇත්තේ අයගේ ගමන් බිමන් තවදුරටත් සීමා කිරීමේ අරමුණිනි. එසේම ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් සියල්ලම අත්හිටුවා ඇත. මේ අතර පසුගිය කාලසීමාවේදී පැවැති මෙම නඩු විභාග අතරතුරදිද ඇනා දැඩි කතාබහට ලක්වන චරිතයක් වූවාය. ඒ සෑම නඩුවාරයකදීම ඇය සැරසී පැමිණන විවිධ ඇදුම් විලාසිතා හේතුවෙනි.විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඇය මෙලෙස විවිධ විලාසිතා සමගින් අධිකරණය ඉදිරියේ පෙනී සිට ඇතත් සිය ප්‍රතිරූපය වර්ධනය කරගැනීමේ අරමුණිනි. එසේම මෙම නඩුවිභාග වෙත මාධ්‍ය අවධානය ලබා ගැනීමටද ඒ හරහා ඇය සමත් වූවාය. පසුගියදා අධිකරණයෙන් තමාට හිමි වූ මෙම නිදහස සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඇනා, තමන් බලාපොරොත්තු වූ ආකාරයට සියල්ල සිදුවෙමින් පවතින බවත් පවසා තිබේ.