aragala-court-decision

අත්අඩංගුවට ගන්නා අරගලකරුවන් පුනරුත්ථාපන කඳවුරු වලට යොමු කිරීමට රජය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපහසු දෙයක් බවට පත් කර ඇති අතර ඒ සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දන්වා තිබුනි.


පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
පෙරවරු 9.30 ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදනය යටතේ කතානායකවරයා  කියා සිටියේ
 අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව එය සම්මත කළ යුතු බවය.

මෙහිදී සටන්කරුවන් අරගලකරුවන් ඉලක්ක කර මෙය කළ නොහැකි බවත්, අවශ්‍ය නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මුල් කරගෙන මෙය ගෙන ආ හැකි බවත් එමගින් දැනුම් දී ඇති බව කතානායකවරයා කියා සිටියේය.