astronomy-unit-cmb-university

රාත්‍රී අහස, සෞරග්‍රහ මණ්ඩලය, දුරේක්ෂ ඇතුළු තාරකා විද්‍යාව කියන්නේම පාසල් කාලයේ උමා මනසේ ඇදෙන විචිත්‍රවත්, වෛවර්ණ ලෝකයක්. ඒවායේ ඡායාරූප එකතු කරගෙන වැඩි වැඩියෙන් ඒවා ගැන සොයන්න පුචි කාලයේ පටන්ම බොහෝ දෙනෙකු උනන්දු වෙනවා.  විශේෂයෙන් නාසා ආයතනයෙන් නිකුත් කරන ඡායාරූප එකතු කරන ගමන් රාත්‍රියට අහස බලන් ඉන්න ලස්සන මතක පාසල් කාලයේ බොහෝ දෙනකුට තිබෙනවා. ඉතින් ඒ දමා මනසේ ඇදෙන විචිත්‍ර ලෝකය ගැන ප්‍රායෝගිකව අධ්‍යයනය කරත්න, විෂය ප්‍රවීණයන් යටත් වැඩිදුරටත්හදාරතිබූ අවස්ථා පසුගිය කාලය තුළ බොහෝ විරලයි. කොහොම වුණත් ඒ කාලය නිමා කාරමින් තමන්ගේ සිහිනය යථාර්ථයක් කරගන්න පාසල් දරුවන්ට දැන් අවස්ථාව උදාවී තිබෙනවා.මේ අවස්ථාව උදාකර දී තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ  තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකය විසින්.



මෙය හැදින්වෙන්නේ 'තාරකා විද්‍යාව පිළිබද සහතික පත්‍ර පාඨමාලාව ලෙසයි. විෂය ගැන හදාරන්න කැමති පාසල් සිසුන්ට ආරම්භයක් හා තාරකා විද්‍යා සිහිනයට අවතීර්ණ වීමක් විදියට මෙය හඳුන්වා දිය හැකියි.මේ ගැන වැඩිදුර විමසීමක් පාඨමාලාව සම්බන්ධීකාරක, ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ, ආචාර්ය ජනක අඩස්සුරිය මහතාගෙන් අප සිදුකළා. ඔහු සදහන් කල පරිදි මෙම පාඨමාලාව පළමුවරට පැවැත්වෙන අතර, තාරකා විද්‍යාව පිළිබද පාසල් සිසුන්ගේ දැනුම ඉහළ නැංවීමත්, විද්‍යා විෂය කෙරෙහි උනන්දුවක් ඇතිකිරීමත් මෙහි ප්‍රධානතම අර හු වෙනවා. ඒ අතරම නිරික්‍ෂණ තාරකා විද්‍යාව තුළින් සිසුන්ගේ පර්යේෂනාත්මක දැනුම ඉහළ නැංවිය හැකි බවත්, එමගින් න්‍යායාත්මක දැනුමට අමතරව ප්‍රායෝගික දැනුමද ලබා දිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී විශේෂයෙන් රාත්‍රී අහස නිරීක්‍ෂණ සැසි සූර්ය නිරික්‍ෂණ සැසි, සොරග්‍රහ මණ්ඩලය. දුරේක්‍ෂ සංදීම, තාරකා විද්‍යාවේ ඉතිහාසය, නිරීක්‍ෂණ තාරකා විද්‍යාව, තාරකා විද්‍යාත්මක උපකරණ, තාරකා ව්‍යුහය සහ පරිණාමය, විශ්ව විද්‍යාව යන ක්ෂේත්‍ර යටතේ වූ ක්‍රියාකාරකම් හා පාඩම් මාලා පාඨමාලාවට ඇතුළත් කර තිබෙනවා. ඒ නිසාම කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගයට මුහුණ දීම සඳහාත් පාඨමාලාවේ දැනුම යොදාගත හැකි බව, විෂය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රවීණයන්ගේ අදහසයි. ඒවගේම පාඨමාලාව සාර්ථකව නිම කරන අයට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිගත් සහතිකයක් පිරිනමනවා.




පාඨමාලාව විවෘත වන්නේ 09 ශ්‍රේණියේ සිට ඉහළ වසරවල සිසුන් සඳහා පමණයි. මාස 04ක කාලයක් සෙනසුරාදා දිනවල උදෑසන 8.30 සිට සවස 12.30 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේදී එය පැවැත්වීමට නියමිත වනවා. ලියාපදිංචි කිරිම් කටයුතු මේ මස එනම් ඔක්තෝබර් 21 වැනිදායින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව 29වැනිදා පාඨමාලාව ආරම්භ කෙරෙනවා. මේ පිළිබදවැඩිදුර තොරතුර 0710720209 යන ජංගම දුරකථනය අංකය අමතීමෙන් හෝ https://www.res.cmb.ac.lk/physics/assu/ යන වෙබ් ලිපිනය හරහාද ලබාගත හැකියි.


( නිදර්ශනී වික්‍රමසිංහ)