ඊයේ දංඕවිට ප්‍රදේශයේදී කොල්ල කල්ලියක් හා පොලිසිය අතර ගැටුමකදී සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති අහක සිටි බස් මගී තරුණියක ඝාතනයවීම සමග පොලිසිය වෙඩි තැබීමක් සිදුකරන්නට ඇති අවසරය හා අවි පුහුණුව සම්බන්ධ සාකච්ඡාවට බඳුන්වේ.
මෙවැනි සිද්ධි මින් ඉහතද වාර්තාවී තිබෙන අතර මෙවැනි තත්වයක ඇති භයානක තත්වය නම් සාමාන්‍ය ජීවිතය ගත කරන්නට නොහැකි භීෂණකාරී වටපිටාවක් ආරක්ෂක අංශ විසින්ම ඇතිකර තිබීමය. ජීවිත අවදානම මැද බස් රථවල පවා යන්නට සිදුවීමය.
ගිනි අවි පිළිබඳ පුහුණුවක් මෙන්ම ගිනි අවියක් භාවිත කිරීමට මානසික තත්ත්වයක් නොමැති පොලිස් නිලධාරීන්ට ගිනි අවි ලබාදීම වඳුරාට දැළි පිහිය ලබා දුන්නා වැනි වැඩක් බව මෙයින් පෙන්නුම් කරයි.
ලංකාවේ ප්‍රකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වරක් පැවසුවේ පොලිස් නිලධාරියකු අවිය අතට ගත යුත්තේ පාලනය කර ගැනීමට අපහසුම තැන බවය.
මහජන සාමය ආරක්ෂා කර ගැනීමට සිටින පොලිස් නිලධාරීන්ට තමාගේ ගිනි අවිය පත්තු කළ යුත්තේ කුමන තැනකදීද කුමන පුද්ගලයකුට දැයි තෝරා බේරා ගැනීමට බුද්ධිය තිබිය යුතු බවය. පොලිස් නිලධාරීන්ට දෙන ගිනි අවිය හසුරුවා ගැනීමට පහසු එකක් විය යුතුය. ඔහු ඔහුටවත් හසුරුවා ගත නොහැකි ගිනි අවියක් භාවිත කරනවා නම් ඔහුගේ තුවක්කුවෙන් පිටවන උණ්ඩය කුමන අවස්ථාවේ කුමන පුද්ගලයා පසාරු කරගෙන යාවි දැයි කිව නොහැකිය.
පොලිස් ආඥා පනතේ පොලිස් නීතිය යටතේ සඳහන් වී ඇති පරිදි පොලිස් නිලධාරියකුට සිවිල් පුරවැසියකුට වෙඩි තැබීමට පෙර Firing Worn (වෙඩි තබන බවට අනතුරු ඇඟවීමක්) කළ යුතුය.
එම අනතුරු ඇඟවීම කළාට පසුවත් අදාළ පුද්ගලයා මෙල්ල නොවේ නම් දණහිසින් පහළට වෙඩි තියන්නට පොලිස් නිලධාරීන්ට හැකියාවක් තිබේ.
එම නීතිය යම් තාක් දුරට වෙනස් වෙන්නේ සංවිධානාත්මකව අපරාධ කල්ලියක හෝ රටේ නම ගිය අපරාධකරුවකුව අල්ලා ගැනීමට මෙහෙයුමක් කරන අවස්ථාවකදී පමණි.
පොලිසියට ගිනි අවි පිළිබඳව සතියකට වරක් පුහුණුවක්ද ලබාදේ. එහෙත් පාරවල් අයිනේ ටී 56 ගිනි අවි දරාගෙන සිටින රාළහාමිලාට පුහුණුව තබා ඔවුන්ට ශාරීරික යෝග්‍යතාව නැති බව ප්‍රකට කාරණාවකි.
මින් ඉහත ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා වෙඩිපිටි නැවත පොලිස් පුහුණු කටයුතු සඳහා භාවිත කිරීමට තහනම් කරමින් පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් යවා තිබුණ අතර පොලිසියේ නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා ගැනීමේ අවස්ථාව ඉන් අහිමි වී ගියේය.
සිද්ධියට අදාළ පෙර විස්තරය
කැනඩා යන්න සිටි අයේෂා කොල්ලකරුවන්ට පොලිසිය තැබූ වෙඩිල්ලෙන් වැරදී මියගිය හැටි
0 Comments