baticaloa-monkey-story

තමන්ට නිතර ආහාර දුන් පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ නිසල දේහය මත නැග ඔහුට අවසන් ගෞරව කළ වඳුරෙකු පිළිබඳ මඩකලපුව,තාලංකුඩා ප්‍රදේශයෙන් වාර්තා වෙයි. තාලංකුඩාහි පදිංචි පීතාම්බරම් රාජාන් නමැති මෙම මියගිය 52 හැවිරිදි පුද්ගලයා වඳුරෙකුට නිතර බිස්කට් හා ආහාර ලබා දී ඇත. මෙසේ තිබියදී ඔහු පසුගියදා රාත්‍රියේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු මොහොතේ නිවසට පැමිණි වඳුරා එය දැක එම පුද්ගලයාගේ නිසල දේහය අසලට ගොස් ස්වාමියා හුස්ම ගන්නේදැයි බෙල්ලෙන්, කමිසයෙන් අල්ලා පරීක්ෂා කර බලා තිබේ. කෙසේ වෙතත් තම ස්වාමියා මිනීපෙට්ටියෙන් නොනැගැටීම නිසා වඳුරා කඳුළු සලමින් ඔහුගේ කකුල ස්පර්ශ කර වැඳ වැටුණු බවද කියැවෙයි. එමෙන්ම වඳුරා දේහය ආදාහනය කළ සුසාන භූමිය දක්වාම ගොස් තම ස්වාමියාට ගෞරව දක්වා ඇතැයිද සඳහන් වෙයි.

(මඩකලපුව ජවුෆර් ඛාන්)