Harry Potter චිත්‍රපටවල Hagrid චරිතයට පණ පෙවූ නළු Robbie Coltrane වයස අවුරුදු 72 දී අභාවප්‍රාප්ත විය. ස්කොට්ලන්ත ජාතිකයෙකුවූ රොබී ස්කොට්ලන්තයේ ෆාල්කර්ක් අසල රෝහලේදී  මිය ගිය බව නිවේදනය කර තිබේ.
ජනප්‍රිය චිත්‍රපට මාලාවේ හැග්‍රිඩ් ලෙස ඔහුගේ භූමිකාව  ලොව පුරා සිටින ළමයින්ට සහ වැඩිහිටියන්ට ප්‍රීතිය ගෙන ආවේය.



ට්විටර් හි ලියමින්, හැරී පොටර් කතුවරිය වන JK Rowling, Coltrane විස්තර කළේ "ඇදහිය නොහැකි දක්ෂතාවයක්" සහ "එක් වරක් හමුවිය හැකි අයෙකු" ලෙසය.

නළුවාගේ වෘත්තීය ජීවිතය 1979 දී Play for Today රූපවාහිනී කතා මාලාවෙන් ආරම්භ වූ නමුත් ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ A Kick Up the Eighties, BBC TV විකට කතා මාලාවෙන් වන අතර එහි Tracey Ullman, Miriam Margolyes සහ Rik Mayall ද රංගනයෙන් දායක විය.
ඔහු එංගලන්ත නාලිකාවක් වන ITV රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලත් ගෝල්ඩෙනි සහ ද වර්ල්ඩ් ඊස් නොඉෆ් හි ත් පෙනී සිටියේය.

රොබී කොල්ට්‍රෙන් නාට්‍ය සඳහා කළ සේවය වෙනුවෙන් 2006 ගෞරව සම්මානයකින්ද 2011 දී චිත්‍රපටයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඔහුට Bafta Scotland සම්මානයද පිරිනමන ලදී.